පඩි පාලක සභා මගින් වැවිලි අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිව ඇත.
2020 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් වැවිලි අංශය සඳහා රුපියල් 100 ක දෛනික වැටුපක් දීමට යෝජනා කෙරිණ.
ඒ අනුව අදාළ අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
මේ අතර වැවිලි ප්‍රජාවගේ පවතින වතු නිවාස ඉවත් කර ඒ වෙනුවට නව නිවාස ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
පසු කාලීනව අදාළ නිවාස මහල් දෙකක් වශයෙන් වැඩිදියුණු කළ හැකි පරිදි වර්ග අඩි 550 කින් සමන්විත නිවසේ පළමු අදියර රුපියල් මිලියන 1.3 ක් වැය කර ඉදි කෙරෙනු ඇති.
තවද, සත්ත්ව පාලනය සහ ගෙවතු වගාව සඳහා අමතර පර්චස් 3 ක් සෑම ප්‍රතිලාභියෙකුටම හිමිවේ.
නිවාස ඉදිකිරීමේ වටිනාකමින් 50% ක් පමණක් වසර 20 ක කාලයක් තුළදී ප්‍රතිලාභීන්ගෙන් නැවත අයකර ගැනීමට ද නියමිතයි.
ලැයිම් නිවාස පැවති ස්ථානයේ නව නිවාස ඉදිකරන තෙක්, එහි පදිංචිකරුවන් ඊට ආසන්න ස්ථානයක තාවකාලිකව පදිංචිකරවීමට පහසුකම් සැලසීම ද අදාළ යෝජනාවට ඇතුළත් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
