බන්ධනාගාර ගතකර සිටින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකව පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු නොකළේ ඇයිද යනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) කතානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ ඔහු මෙසේ ප්‍රශ්න කල අතර මාස 6ක් යන තෙක් අහෝසි නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති පැවසු බවත් අවධාරණය කළේය.
තවද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 66, 89, 91,105 වගන්තිවලට අනුව රන්ජන්ගේ මන්ත්‍රීකම කිසිසේත්ම අහෝසි නොවන බවත්, රන්ජන් වෙනුවෙන් සියලු නීති ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය සූදානම් බවත් එහිදී විපක්ෂ නායක පෙන්වා දී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
