තෙදින නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (06) සිදුව ඇත.
ද්වීපාර්ශවීය සබදතා පිළිබඳව එහිදී සාකච්ඡාවක් පැවැති අතර දිගු කලක් තිස්සේ දෙරටෙහි පවත්නා ඓතිහාසික සම්බන්ධතාවය පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කරගනු ලැබීය.
මෙරට ජනතාව වෙනුවෙන් පසුගිය වකවානුවේ නිවාස ඉදිකිරීම උදෙසා ඉන්දිය රජය ලබා දුන් අනුග්‍රහය පිළිබඳව කෘතවේදීත්වය පුද කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස " මෝඩි" ගම්මානය පිලිබදව ද සිහිපත් කළේය. ,සුව සැරිය උදෙසා ලබා දුන් සහය පිළිබඳව ද ඉන්දිය රජයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවේ ස්තූතිය පලකරනු ලැබීය.
මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට විශේෂ ආරාධනාවක්ද කල බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
