එජාප සාමාජිකත්වයෙන් රෙහාන් ඉවත්කිරීමට හේතු කියන්න අධිකරණයෙන් නියෝගයක්!

එජාප සාමාජිකත්වයෙන් රෙහාන් ඉවත්කිරීමට හේතු කියන්න අධිකරණයෙන් නියෝගයක්!
එක්සත් ජාතික පක්ෂය විසින් වැලිගම නගරසභාවේ නගරාධිපති රෙහාන් ජයවික්‍රම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන අතරතුර දී, ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ ගොනුකරන ලද නඩු කටයුත්ත අද දින විමර්ශනය කළේය.

එහිදී රෙහාන්ගේ පැමිණිල්ලෙහි ආයාචනය කරන ලද අතුරු තහනම් නියෝගය පිළිබඳ විරෝධතා ඇත්නම් අගෝස්තු මස 11 වන දින හෝ ඊට පෙර දිනක අධිකරණයේ ගොනු කරන ලෙසට ගරු දිසා විනිසුරු  විත්තිකරුවන්ට නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක රෙහාන් ජයවික්‍රම සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් තමාට එරෙහිව විමර්ශන කටයුත්තක් පැවැත්වෙන අතර තුර එහි මහ ලේකම්වරයා විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ තමා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් තමා දිසා අධිකරණයේ නඩුවක් ගොනුකළ බවයි.

කෙසේ නමුත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධ වූ තවත් නඩු කටයුතු ගණනාවක් කිසිදු විමර්ශන කටයුත්තකින් තොරව ඉවත් කර ඇති බවත් අද දින රෙහාන් ජයවික්‍රමට අදාළ නඩුව පමණක් අධිකරණයේ විමර්ශනය කළ බවත් වාර්තා වේ. ඒ අනුව අගෝස්තු 11 දින හෝ ඊට පෙර දිනක අතුරු තහනම් නියෝගය පිළිබඳ විරෝධතා ඇත්නම් අධිකරණයේ ගොනු කරන ලෙසට ගරු දිසා විනිසුරු  එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයට නියෝග කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න