බැසිල්ගේ වට්ටක්කා ප්‍රකාශයට ගොවි විරෝධයක් !

බැසිල්ගේ වට්ටක්කා ප්‍රකාශයට ගොවි විරෝධයක් !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණේ ලේකම් සහ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ රටේ ගොවිජනතාව සම්බන්ධයෙන් ඊයේ (23) සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගෙන ගොවි ජනතාවගේ බලවත් විරෝධය පලවෙමින් තිබෙන බව වාර්තා වේ.

ගාල්ල ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ගොවියන් කම්මැලි බවත් වට්ටක්කා වැනි පහසුවෙන් වගාකළ හැකි ගොවලට යොමු වී ආණ්ඩුවට මහත් හිසරදයක් ගෙන දෙන බවය. මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහුගේ වචන මෙසේ ය.

“අර කම්මැලිකමට ගිහිල්ලා මාසෙකට සැරයක් ගිහිල්ල දානවා කුඹුරට වට්ටක්කා ඇට දෙකක්. තුන්මාසෙකට පස්සෙ ගිහිල්ලා ඊට පස්සේ වට්ටක්කා හැදුනම ගිහිල්ලා ජනාධිපතිතුමාට දෙනවා අපි දුක්මහන්සිවෙලා වට්ටක්කා වැව්වයි කියලා. ඒව විකුණගන්න බැහැ කියලා. ඉතින් දෙයියනේ වට්ටක්කා කන්නේ කවුද?…”

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා තිබූ සමයේ අප්‍රේල් මාසය තුළ පමණක් ඩොලර් මිලියන 40.09ක එළවලු මෙරටට ආණයනය කර තිබිණි. මෙවැනි ජාවාරම්වලට ආණ්ඩුව ඉඩ දී මෙරට ගොවියාගේ නිෂ්පාදන අලවිකරගත් නොහැකිවි සිටින අසරණ ගොවීන් හට අපහාසාත්මක සිදුකරන ලද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට බලවත් විරෝධයක් මතුවෙමින් තිබේ.

මෙයට පෙර විවිධ අවස්ථාවලදී වට්ටක්කා විකුණාගත නොහැකි වූ ගොවි ගෙවිලියන් තමන් ඒ වෙනුවෙන් දරන විශාල මුදල සහ වගාව වෙනුවෙන් කරන කැපකිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දක්වා තිබිණි. ඒ කිසිති නොතකා ගොවීන් කම්මැලි කමට වට්ටක්කා වගා කරන බව මෙම මහජන හමුවේදී ප්‍රකාශ කර ඇත. මෙය වට්ටක්කා ගොවීන්ට පමණක් නොව සමස්ථ ගොවීන්ටම එල්ලකරන ලද අපහාසයක් බව මේ වනවිට පලවෙමින් තිබෙව ප්‍රතිචාරවලින් දැක්වෙයි.

Lanka truth 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න