2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟය පාවා දුන්නේ යැයි එවකට හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරනැයි ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණිල්ලක් භාර දී ඇත.
අදාළ පැමිණිල්ල භාර දී ඇත්තේ සමාජවාදී තරුණ සංගමය හා සේවු ද ස්පෝට් සංවිධානය එක්වය.
ක්‍රීඩා සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන අයට නීති මගින් කටයුතු කිරීමේ අවස්ථාව පසුගිය රජය විසින් සම්මත කර ඇති නව පනතක් අනුව ලැබී ඇති අතර එම පනත යහපාලන සමයේ ගෙනාවකි.
ඒ අනුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හෙළි නොවීම මත ඔහුට එරෙහිව පරීක්ෂණ කරන්නැයි මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
