Language Switcher

V2025

ආර්ථිකය හොම්බෙන් යයි : ලංකාව ඉහළ මැදි ආදායම් තත්ත්වයෙන් පහළට වැටෙයි !

ලෝක බැංකු වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ මැදි ආදායම් ලබන රටක් බවට කාණ්ඩ ගත කර තිබේ.

ලෝක බැංකුවේ මෙම වර්ගීකරණය සෑම වසරකම ජූලි 01 දින යාවත්කාලීන වන අතර මීට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් කාණ්ඩයේ පසුවිය.

Lower category

මෙම වර්ගීකරණයේ දී ලෝක බැංකුව විසින් ලොව රටවල්, දළ දේශීය ඒක පුද්ගල ආදායම අනුව කාණ්ඩ 4 ක් යටතේ වර්ගීකරණය කරනු ලබන අතර පහළ ආදායම්, පහළ මැදි ආදායම්, ඉහළ මැදි ආදායම් සහ ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් එය සිදුකෙරේ.

මේ අනුව 2018 වසරේ දී ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,060 ක් ලබා ඉහළ මැදි අදායම් කාණ්ඩයේ පසු වූ ශ්‍රී ලංකාව 2019 වසර වන විට එක්සත් ජනපද ඩොලර් 4,020 ක් දක්වා පහළ බැස තිබේ.

ලෝක බැංකු ක්‍රමවේදයට අනුව,

# ඩොලර් ඒක පුද්ගල ආදායම ඩොලර් 1,036 ට වඩා අඩු ආදායමක් ලබන රටවල්, පහළ ආදායම් ලබන රටවල් ලෙසත්,

# ඩොලර් 1,036 - 4,045 අතර රටවල් පහළ මැදි ආදායම් ලබන රටවල් ලෙසත් වර්ගීකරණය කර තිබේ.

#  මෙහිදී ඉහළ මැදි ආදායම් ලාභී රටවල් ලෙසින් සලකා ඇත්තේ ඒකපුද්ගල ආදායම ඩොලර් 4,046 - 12,535 අතර රටවල්ය.

# ඩොලර් 12,535 ට වඩා වැඩි ඒකපුද්ගල ආදායමක් ඇති රටවල් ඉහළ ආදායම් ලබන රටවල් ලෙසින් සැලකේ.

Lower category.1
කෙසේ වෙතත් පසුගිය වසරේ මෙම වර්ගීකරණය සිදුකිරීමේ දී ඉහළ මැදි ආදායම් කාණ්ඩය ලෙස සලකා ඇත්තේ ඩොලර් 3,996 - 12,375 ඒක පුද්ගල ආදායම් කාණ්ඩයයි. මේ අනුව වර්ගීකරණය සඳහා යොදා ගන්නා පරාසය පුළුල් වීම ද ශ්‍රී ලංකාව මෙලෙසින් ශ්‍රේණියෙන් පහල වැටීමට බලපා තිබේ.

ලෝක බැංකුව පවසන පරිදි ඇල්ජීරියාව, ශ්‍රී ලංකාව සහ සුඩානය වර්ගීකරණයට අනුව පෙර මට්ටමට වඩා පහළට වැටුණු රටවල් වේ.

2017 වසරේ දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 3,880 ක්වූ අතර 2016 වසරේ දී එම අගය වාර්තා වූයේ ඩොලර් 3,810 ක් වශයෙනි.

Lower category.2
(biz.adaderana.lk)