මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන සූදානමක - මරික්කාර්

මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව MCC ගිවිසුම අත්සන් කරන සූදානමක - මරික්කාර්
අත්සන් කරන්න එපා කියා 69 ලක්ෂයක බහුතර ජනතා බලයකින් පරාජය කරන ලද MCC ගිවිසුම මහ මැතිවරණය අවසන් වීමෙන් පසුව ආණ්ඩුව විසින් හොර රහසේ ම අතසන් කිරීමේ සූදානමක සිටින බව කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් . මරික්කාර් පවසයි.
 
 ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (23)  කොලොන්නාවේ පිහිටි සිය මැතිවරණ සම්බන්ධීකරණ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්ය.

පසුගිය දා ඇමරිකානු තානාපතිවරිය ප්‍රකාශ කර ඇති ප්‍රකාශය තුළින් පැහැදිළි වන්නේ මැතිවරණයෙන් පසුව මෙම ගිවිසුම අතසන් කිරීමට සූදානම් කරමින්
සිටින බව යැයිද  එය පාර්ලිමේන්තු අනුමැතියට යටත් කරමින් සිදු කිරීමට නියමිත බවද  එහිදී හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම ආණ්ඩුවට බහුතර බලයක් ලැබුණහොත් මෙම ගිවිසුම අතසන් කරන බවත්, එය මෙම
ගිවිසුම රටට එපා කියපු බහුතර ජනතාවට පිටුපා යාමක් බවයි.

එලෙසම මහ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවීමට ජන වරම ලබා දෙන්නේ නම්, සහිත් ප්‍රේමදාස
ගේ නායකත්වයෙන් යුතු තම ආණ්ඩුවෙන් කිසි විටෙකත් MCC ගිවිසුමඅත්සන් නොකිරීමට ජන්තාවට පොරොන්දු වන බවයි.

එලෙසම තවත් සුවිෂේශී කරුණක් හෙළි කරමින් හිටපු මන්ත්‍රී  එස්. එම් මරික්කාර්  කියා සිටියේ වත්මන් ආණ්ඩුවට මහ මැතිවරණයේ දී 2/3 ක බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුවේ සිටින ඇමරිකන් ගැත්තන් හෝ හවුල් කර ගනිමින් මෙම ගිවිසුම කෙසේ හෝ අත්සන් කරවා ගැනීමට අමරිකානු තානාපති කාර්යාලයේ සහ වත්මන් රජයේ උත්සහයක් තිබෙන බවයි.

එලෙස ම මහ ජනතාව විසින් විරෝධය පල කළ MCC ගිවිසුමට සිය පාර්ෂවයත් එක හෙළා විරෝධත්වය දක්වන අතර, ජනතාව විසින් ප්‍රතිෂේප
කරන් අලද මෙම MCC ගිවිසුම අත්සන් කිරීමට කවුරුන් හෝ උත්සහ ගන්නේ නම් එම උත්සහ මෙම මැතිවරණයේ දී පරාජය කරන ලෙස ද හිටපු
මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න