අගමැති රකින කෙනා මෙන්න ? - මහින්ද කියයි

අගමැති රකින කෙනා මෙන්න ? - මහින්ද කියයි

අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාවාරයට සහභාගි වී පිටතට පැමිණෙමින් සිටියදී මාධ්‍ය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා එසේ කීය.

පාර්ලිමේන්තුවේ විපක්‌ෂ නායක ධුරය එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමට ලබා දෙන ලෙස කතානායක වරයාගෙන් ඉල්ලා සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

''ආණ්‌ඩු කියන දේවල් තිබෙනවා. නැති වෙනවා. තව වෙසක්‌ පෝය දෙකයි මේ ආණ්‌ඩුව තිබෙන්නේ'' යෑයි ද රාජපක්‌ෂ මහතා එහිදී කීය.

අගමැති ධුරයට ශ්‍රීලනිප මන්ත්‍රීවරයකු පත් කරනවා නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බවත් එක්‌සත් ජාතික පක්‌ෂයේ අගමැතිවරුන්ට සහාය දෙන්න තමන් සූදානම් නැති බවත් පැවසූ හෙතෙම, එහෙත් ජනාධිපතිවරයා දැන් කටයුතු කරන ආකාරයට අනුව අගමැති ධුරයේ වෙනසක්‌ සිදු වනු ඇතැයි විශ්වාසයක්‌ තැබිය නොහැකි බවත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න