මහමැතිවරණය ජුනි මස 20 වන දින පවත්වනවාද යන්න සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව මැයි 25 වැනි දිනට පසුව ගන්නා බව මැතිවරණ කොමිසම පවසා ඇති බව වාර්තා වෙයි.
ඒ අද (12) මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර පැවැති සකච්ජාවේදීය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති නඩු කිහිපයක් හේතුවෙන් කොමිසම මේ වනවිට යම් අපහසුතාවකට මුහුණ දී සිටින බවද පවසා ඇතැයි වාර්තා වෙයි.
කෙසේවෙතත් රට තුළ පවතින තත්ත්වය යළිි සමාලෝචනය කොට ලබන 25 වැනි දින මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බව කොමිසම සදහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
