Image

මත්ද්‍රව්‍ය භාවිත කර සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය භාවිත කර සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට

මීගමුව බස් නැවතුම්පොළ තුළ ධාවනයේ යෙදෙන සියලු ම බස් රථ 27වන දා දිනය පුරා  පරික්ෂාවට ලක් කෙරුණු අතර එහි දී කොන්දොස්තරවරු හයක් සහ එක් රියදුරකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත්  පුද්ගලයන් මීගමුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර කොන්දොස්තරවරුන් වරද පිළිගත් බැවින් මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා  රුපියල් 25,000ක දඩ නියම කළ අතර විශ මත්ද්‍රව්‍ය පානය කර සිටි  රියදුරාටද රුපියල් 25,000ක දඩ නියම කර රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටු වීය.

මීගමුව රථ වාහන අංශයේ උප පොලිස් පරික්ෂක රථ වාහන අංශයේ ස්ථානාධිපති කුලරත්න මහතා ගේ උපදෙස් මත රථ වාහන අංශයේ නිලධාරීන් මෙම මෙහෙයුම සිදු කළ අතර අධිකරණයේ නඩු කටයුතු පොලිස් සැරයන් උදය කුමාර (38222) මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මීගමුව සමුහ - අකිලා නදීෂානි බණ්ඩාර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න