Image

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප!

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනාට ඇප!

ඒ අනුව, එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පැනවීය.

එමෙන්ම, ඔවුන්ට ලක්‍ෂයක මුදල් ඇපයක් ද නියම කළා.

පසුගිය ජූනි 23 වනදා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට ගෙන තිබූණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” නැමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කර ඔහුගේ රැඳවුම් නියෝග ඉවත් කර ගාල්ල බූස්ස අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේ හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කර දීම සඳහාත්, විමර්ශන කටයුතුවලින් සහ ඊට අදාල කටයුතුවලින් නිදහස් කර දීම සඳහාත් අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් ඉහත සැකකරුගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති යන අයගෙන් රුපියල් කෝටි දොළහක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට චෝදනා එල්ල විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න