Image

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුතා, චීන ජාතිකයා ඇතුළු පිරිසට ඇප

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුතා, චීන ජාතිකයා ඇතුළු පිරිසට ඇප

මෙලෙස ඇප මත මුදා හැරුනේ කන්දෙපොල අජිත් ප්‍රියන්ත, ප්‍රමිල කෝසල ගුණදාස, චාමර සිල්වා, චීන ජාතික වෑන් චින්, සහ අනුද ජනාදිත් බණ්ඩාර යන අය යි.

බන්ධනාගාර විසින් සැකකරුවන් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන් පස් දෙනාට රුපියල් ලක්ෂ 10000ක ශරීර ඇප

එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් පස් දෙනා ගේ විදේශ ගමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකජනරාල්වරයා වෙත දන්වා යවන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේ ය.

ඇපකරුවන් ගේ පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසී සම්පූර්ණ කළ පසු සැකකරුවන් මුදා හරින ලෙස නියෝග කළේ ය. ඒ අනුව සැකකරුවන් පස් දෙනාට රුපියල් ලක්ෂ 10000ක ශරීර ඇප නියම කෙරිණි.

මෙම සිද්ධියේ පස් වන සැකකරු වන හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර ගේ පුත් අනුද ජනාදිත් බණ්ඩාර යන අය ඇතුළු සැකකරුවන් ගේ ජගංම දුරකතන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා අධිකරණ නියෝග ප්‍රකාරව අදාළ සමාලම්වලින් ඉල්ලා ඇති බවත්, ඒවා ලද විගස විමර්ශන සිදු කරන බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ය.

කොල්ලුපිටිය පොලිසිය භාරයේ ඇති සීසීටීවි විමර්ශනයට

සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන පරීක්ෂා කළ බවත් එකේ සිට පහ දක්වා සැකකරුවන් එම දත්තවල සිටින බව විමර්ශන තහවරු කර ඇතැයි ද පොලීසිය කියා සිටියේ ය. පළමු සැකකරු කුලී රථයක් ලබා ගෙන ජයා මාවත සිට කාගිල්ස් ගොඩනැගිල්ල වෙත ගොස් ඇති බවත් අනෙකුත් සැකකරුවන් කුලී රථයෙන් මරීනා බීච් රථ ගාල පළමු සැකකරු පස් වන සැකකරුට එහි ලෝකේෂන් ශෙයා කර ඇති බවත් දෙක හතර සහ පහ සැකකරුවන් මැග් මාර්ට් ආයතනයට පැමිණ කුලී රථය හරවා යවා ඇති බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. කොල්ලුපිටිය පොලිසිය භාරයේ ඇති සීසීටීවි විමර්ශන සඳහා ඉල්ලා ඇති බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ය.

පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු දෝශ සහගත ද...?

මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක් සහ වාහනයක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේ ය. සැකකරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් නිතිඥ ලක්මාල් රත්නායක , භාතිය විජේරත්න යන අය ඇතුළු නිතිඥ මඩුල්ල ඔවුන් ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් ඉකුත් 21වන දා අනුද බණ්ඩාර අත්අඩංගුවට ගෙන පසුගිය (22) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව පැය 24ක් රඳවා ප්‍රශ්න කිරිමට ලබා ගත් අධිකරණ නියෝග ප්‍රකාරව රැඳවුම් නියෝග අවසන් කර 23 වනදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

පොලිසිය විසින් ඉදිරිපත් කරන කරුණු දෝශ සහගත බව සැකකරුවන් පස් දෙනා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේ ය. සීසීටීවි දර්ශන වල පස් වන සැකකරු සිටින බව දැනුම් දුන්නා. මුල්ම දිනයේ ඔහු නාරාහේන්පිට සිටි බවත් පසු දින රාජගිරියේ සිටි බවටත් පොලිසිය කරුණු ඉදිරිපත් කළ අතර අද දින එම ස්ථාවරය වෙනස් කරමින් මරීනා බීච් හෝටලයට පැමිණ ඇති බවට දැනුම් දුන්නා. මගේ සේවා දායකයා වන අනුද ජනාදිත් යන අය ඔය එකම ස්ථානයකවත් සිටියේ නැහැ. සමාජ මාධ්‍ය එස්සේ වීඩියෝවක් සංසරණය වෙනවා. එම වීඩියෝවෙවත් ඔහු නැහැ. වගකීමෙන් කියන්නේ. මේ සීසීටීවී සාක්ෂි සියල්ල ඔප්පු කිරිමේ භාරයට යටත්. ඒවා නඩු විභාගයක දී ඔප්පු කළ යුතුයි. නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයක් තිබෙනවා යැයි නිතිඥ ලක්මාල් රත්නායක පස්වන සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් කියා සිටියේය. මුදල් අත්අඩංගුවට ගත්තේ පොලිසිය නෙවෙයි. මුදල් බාර දීමක් සිදුව තිබෙනවා යැයි නිතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස නිතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැපූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසත් ඉදිරි දින විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න