ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අද (5) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී මෙලෙස ශ්‍රී ලංකාව ආශ‍්‍රිත අක්ෂාංශවලට ඉහළින් පවතින අතර මෙම මස 15 වැනිදා දක්වා මෙලෙස ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අනුව අද දිනයේදී දහවල් 12.12ට දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ දික්වැල්ල, කැකනදුර, කොටවිල, මිදිගම යන ප‍්‍රදේශයන්ට හිරු මුදුන්ව පවතියි.
වසරකට දෙවරක් මෙරටට හිරු මුදුන්වන අතර සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී අගෝස්තු සහ සැප්තැම්බර් මාස වල එය සිදුවේ. එවිට හිරු මුදුන්වීම ඇරඹෙන්නේ උතුරු පළාතෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
