මෙවර පාපන්දු ලෝක කුසලානය දිනාගත් ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සිටින ජනප්‍රියම ක්‍රීඩකයකු වන කිලියන් එම්බාපේ (Kylian Mbappe), තමන් ලෝක කුසලානයෙන් උපයා ගත් මුළු අදායම ආබාධ සහිත දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා පිරිනමා තිබෙන බව වාර්තා වෙයි.
වයස අවුරුදු 19 ක් වන ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ ලාබාලතම ක්‍රීඩකයා වන මොහු මෙවර පාපන්දු ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරී පත් වීමෙන් ඩොලර් 22,300 ක් පමණ ලබා ඇති අතර ලෝක කුසලානය ජයග්‍රහණය කළ කණ්ඩායමේ සාමජිකයකුවීම හේතුවෙන් තවත් ඩොලර් 350,000 ක් ලබා තිබේ. මේ අයුරින් ඔහු විසින් ඉපයු එක්සත් ජනපද ඩොලර් 500,000 ක මුළු ආදායම මෙහිදී පිරිනමා ඇත.
යුරෝ මිලියන 180 ක (ඩොලර් මිලියන 159) ක් උපයන පාපන්දු ක්‍රීඩාවේ මිල අධිකම ක්‍රීඩකයා වන බ්‍රසීල ක්‍රීඩක නේමාර් JR ගෙන් පසුව පාපන්දු ක්‍රීඩාවේ දෙවැනි මිල අධිකම ක්‍රීඩකයා වන්නේ ද එම්බාප්පේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
