Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

ඉන්දීය ජනප්‍රිය නිලියකගේ සැක සහිත මරනයක් !

ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන ටුනීෂා ෂර්මා (Tunisha Sharma) සිය දිවි නසා ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අනුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදු කළ රූගත කිරීමකට සහභාගි වී සිටින අතරතුර ඊයේ ( 24) ඇය සිය දිවි නසා ගෙන ඇත.

කෙසේ වුවත් පොලිසිය සඳහන් කර සිටින්නේ , ඇයගේ මරණය සියදිවි නසා ගැනීමක් ද ඝාතනයක් ද යැයි නිසි ලෙස දැන ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බව ය.

රූගත කිරීම් අතරතුර ඇය වැසිකිළියට ගොස් ඇති අතර බොහෝ වේලාවකින් ඉන් එළියට පැමිණ නැත.

එහිදී දොර කඩා විවෘත කර බලන විට ඇය එහි තුළ සිට තිබේ.

එහි සිටි පිරිස ඇයව වහා රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඇය ජීවිතක්ෂයට පත් වී ඇතැයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

20 හැවිරිදි වියේ පසු වූ ඇය ජනප්‍රිය ඉන්දීය ටෙලිනාට්‍ය කිහිපයකට ම රංගනයෙන් දායක වූ ජනප්‍රිය රංගන ශිල්පිනියකි.