එන්නත ගහගන්න ඇයි හදිස්සි ? දැන් සැපද ?

එන්නත ගහගන්න ඇයි හදිස්සි ?  දැන් සැපද ?
උද්ගතව ඇති කෝවිඩ් 19 ලොව වෙලා ගත් ගෝලීය වෛරසය මේ වන විටත් සාමන්‍ය ජන දිවිය අඩාල කරමින් සොභාදහම සැමට ඉහළින් බව ප්‍රත්‍යක්ෂ කොට අවසානය.

ඉතා කෙටියෙන් පැවසීමට ඇත්තේ යම් සංවාදයකදී එල්ල කරණු ලභන පැනය පිළිබද අවබෝධ කරගත නොහැකි උගත් වියත් යැයි කියනා මෙවන් මුග්ධ හැසිරීමක නිරත මෙවන් ජනතා නියෝජිතයන් පක්ෂ පාට භේදයකින් තොරව මහජනතාව ලෙස ඔබ පළමු මොහොතේම ප්‍රතික්ෂේප කලයුතුව ඇත.

ඔබ මේ දකින්නේ කොළඹ නාගරික මංත්‍රිනී ප්‍රියංකා ජයසේන නම් නීතිවේදී කත විසින් කිසිදු මානුෂීය බවකින් තොරව තමන් නියෝජනය කරනු ලභන දේශපාලන මතය වෙනුවෙන් සුවහසක් ශ්‍රීලාංකික අහිංසක  ජනතාව වහලුන් තරමටවත් නොතකමිනි.

"ඕගොල්ලො කලබල නැතුව ඉන්න... ඒක රජයේ තීරණයක්....ඇයි හදිසි එන්නත් ගහ ගන්න....." 

මේ කොතරම් අමානුෂික ප්‍රකාශයක්ද ?

මේ මොහොත වන විටත් නිර්දේශිත එන්නත ආනයනය කිරීමට මුදල් නැති බවත් එකී එන්නත ණය උගුලේ සිරකොට හෝ  ආනයනය කලද එය සුරක්ෂිතව ගබඩා කිරීමට අවැසි පාරිසරික තත්ව වෙනුවෙන් අධි ශීතකරණ නිෂ්පාදනය හෝ ඇණවුම් කිරීම හෝ අඩුම තරමේ එය දිවයින පුරා කඩිනමින් බෙදා හැරීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් හෝ නැතිව ලතැවෙන වත්මන් ආණුඩුවට කල හැක්කෙ මුඛරි කට හැකර ප්‍රකාශිකාවන්  ගෙනවිත් ජනතාවගේ ජනවරමත් මානව අයිතීනුත් හෑල්ලු කරමින් පුදසුනේ තබාදුන් ජනවරමේ පහරමින් සම්මත කොටගත් 20වෙනි සංශෝධනයේ කෙස් ගසක තරම් ඌෂ්ණය ජනතාවට පෙන්වීම පමණි.

ව්‍යසනයක් තම බලය වෙනුවෙන්  යොදවන මෙවන් ජනතා නියෝජිතයන් මනුෂ්‍යත්වයට නිගරුවක් නොවේද ?



sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි
මිලානෝ
ඉතාලිය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න