නාගරික පොදු ප්‍රවාහන සේවා ආයතනයක් ලෙස Lanka Metro Transit (Pvt) Ltd ඊයේ (08) සිට සිය පරිපාලන කටයුතු ආරම්භ කළේය.
ඒ අනුව, ලබන වසරේ මැද කාර්තුවේ සිට එහි ප්‍රවාහන මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති මෙම පොදු ප්‍රවාහන සේවය පිළිබඳ පිළිබඳ අවධාරණය කරමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක සඳහන් කළේ,
“පොදු මගී ප්‍රවාහනය සුවපහසු කිරීමට නව රජයේ අයවැයෙන් රුපියල් මිලියන 3000 ක් වෙන්කරලා තිබෙනවා. ඒ යටතේ බස් මිලදී ගැනීම සඳහා මේ වනවිට ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. අපි සතුටු වෙනවා, මෙට්‍රො බස් සමාගම අලුතෙන් ආරම්භ කරද්දි, ලබාගන්නා බස්, අධ්‍යක්ෂ මණ්ඩලය, සේවක පිරිස් වගේම මගී ජනතාවත් නව අදහස් වලින් යුත් පිරිසක් වේවි. ලබන වසරේ මැද වනවිට මේ නව බස් රථ ජනතා සේවයට කැපකිරීමට හැකිවෙතැයි බලාපොරොත්තු වෙනවා.
පිරිසිදු, සාධාරණ, මෙන්ම සුවපහසු මගී ප්‍රවාහන සේවයක් වෙනුවෙන් ජනතාවට විශාල බලාපොරොත්තුවක් මෙන්ම අවශ්‍යතාවක් තිබෙනවා. ඒ ජනතා සිහිනය ඉටු කරන්න තමයි අපි මේ සැරසෙන්නේ. ප්‍රථමයෙන් බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙන මේ මෙට්‍රෝ බස් සේවාව, සමස්ත රට තුළම ව්‍යාප්ත වේවි. ඕනෑම දෙයක් ආරම්භ කිරීමේදී විශාල කැපකිරීම් සිදු කිරීමට සිදුවෙනවා. නමුත් එහි ප්‍රතිඵල ඉතාමත් ලස්සනයි. පවුලට ලැබුණ අලුත් දරුවෙක් රැක බලාගන්නා ආකාරයෙන් සෑම කෙනෙක්ම මේ නව සේවාව ආරක්ෂා කරගනීවි යැයි බලාපොරොත්තු වෙන” බවය.
බත්තරමුල්ල, සෙත්සිරිපාය දෙවන අදියර, 07 වන මහලේ පිහිටි ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (08) පැවති ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීමට නියමිත මෙට්‍රෝ බස් සමාගමේ (Lanka Metro Transit (Pvt) Ltd) ව්‍යාපෘති කාර්යාලය ආරම්භ කිරීමේ මෙම උත්සව අවස්ථාව පැවැත්විණි.
ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය කපිල සී. පෙරේරා සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත්අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක,
නව ඩිජිටල් ක්‍රමවේදයක් යටතේ ...
“අපිට කඩයකින් පැන්සලක්, පෑනක් ගන්නවා වගේ මේ බස් රථ ගන්න බැහැ. නිවැරදි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් යටතේ මෙම කටයුතු සිදුකළ යුතුයි. ඒ වගේම රියදුරු මහතුන් පුහුණු කරගත යුතුයි. බස් ගාල් කරන ස්ථාන, නඩත්තු කටයුතු සිදුකරන ස්ථාන ආදිය සැලසුම් කරගත යුතුයි. මේ ආකාරයෙන් විශාල කටයුතු රාශියක් සැලසුම් කිරීමට තිබෙන නිසා තමයි, අද අපි මේ කාර්යාලය ස්ථාපිත කිරීමට අදහස් කළේ” යැයි පැවසීය.
පොදු මහජනතාවට සුවපහසු ගමනාන්තයක් යන සංකල්යක් යථාර්ථයක් බවට පත්කිරීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක කෙරෙන මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය, නව ඩිජිටල් ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් බස්නාහිර පළාත තුළ ප්‍රථමයෙන් ක්‍රියාත්මක කෙරෙන මේ සඳහා බස් රථ 100ක් ලබාගැනීමට මේ වනවිට ටෙන්ඩර් කැඳවා තිබේ. තවද ඒ සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 300ක් පමණ වෙන්කර තිබෙන අතර, 2026 අයවැයෙන් තවත් රුපියල් මිලියන 200ක් වෙන්කිරීමට බලාපොරාත්තුවන බව ප්‍රවාහන මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.