Language Switcher

Ad

Ad 01
GG web banner

V2025

වසරේ මුල් මාස අට තුළ අපනයන ආදායම ඩොලර් බිලියන 11 ඉක්මවයි

2025 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපි පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එසේම සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11554.32 ක් බවත් එය 2024 එම කාලයට සාපේක්ෂව 6.61% ක වර්ධනයක් බවත් එම මණ්ඩලය පෙන්වා දෙයි.

2025 අගෝස්තු මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,607.58කි. මෙය 2024 අගෝස්තු මාසයට සාපේක්ෂව 2.57%ක වාර්ෂික වර්ධනයකි.

ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළදපොළ ප්‍රවේශය පුළුල් කිරිමටත්, ගෝලීය තරගකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම මෙයින් පිළිබිඹු කරයි.