Language Switcher

V2025

නොවැම්බරයේ උද්ධමනය ඉහළට !

නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනයේ සාපේක්ෂ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනයේ මෙම ඉහළ යාම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව නොවැම්බර් මාසයේදී උද්ධමනය සටහන් වූවේ සියයට 2.8ක් ලෙසය.

නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ උද්ධමනය සටහන් වූයේ සියයට 1ක් ලෙසය.

මේ අතර ඔක්තෝබර් මාසයේ සියයට -5.2 ට පැවති ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී සියයට -2.2ක් දක්වා ඉහළගොස් ඇත.

ආහාර නොවන උද්ධමනය 2023 ඔක්තෝම්බර් මාසයේදී සියයට 6.3ක් ලෙස පැවති අතර එය නොවැම්බර් මාසයේදී සියයට 7.1ක් දක්වා ඉහළගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.