Language Switcher

V2025

ආර්ථිකය යථා තත්ත්වයට : මහ බැංකුව කියයි !

2020 වසර තුළ දී පසුබෑමකට ලක් වූ ශ්‍රී ලංකා ආර්ථිකය රාජ්‍ය මූල්‍ය සහ මුදල් උත්තේජක ක්‍රියාමාර්ගවල සහායෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ සමබන්ධයෙන් වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු අනුව, 2021 පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.3ක වාර්ෂික ලක්ෂ්‍යමය මූර්ත වර්ධනයක් වාර්තා කරමින් අපෙක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය.

පසුගිය වසරේ අනුරූප කාර්තුවේ දී දක්නය ලද තියුණු සංකෝචනය වීමද හේතුවෙමින් 2021 වසරේ දෙවන කාර්තුව තුළ දී ආර්ථිකය ඉහළ වර්ධනයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 වසංගතය නැවත ව්‍යාප්තවීම සහ ඒ ආශ්‍රිතව ගනු ලබන වසංගත තත්ත්වය වැළැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් දේශීය ආර්ථික කටයුතුවලට ඇති විය හැකි බාධා මගින් 2021 වසරේ දෙවන භාගය තුළ දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම තරමක දුර්වල වීමට ඉඩ ඇත.

කෙසේ වුවත්, කොවිඩ්-19 ඒන්නත් කිරීමේ ජාතික වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම සහ තෝරාගත් සංචරඛ සීමා පමණක් පැනවීමේ රජයේ උපායමාර්ග සමග ඉදිරි කාලය තුළ දී ආර්ථික ක්‍රියාකාරිත්වය තිරසාරව පවතිනු ඇතැයි අපේක්ෂා ‌කෙරේ.

පවත්නා දර්ශක සහ පුරෝකථනවලට අනුව 2021 වසර තුළ දී මූලර්ත ආර්ථිකය සියයට 5කට වඩා ඉහළ අගයකින් වර්ධනය වනු ඇති අතර මැදි කාලීනව ඒම වර්ධන වේගය තිරසාරව පවත්වාගත හැකි වනු ඇත.

(අද දෙරණ )