ඡන්දය අවසන් කිරිමෙන් පසු ඡන්ද පොළට රැගෙන එන ඡන්ද පත්‍රිකා බහාලු ඡන්ද පෙට්ටිය කිසිදු වෙනසක් නොමැතිව නියමිත ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත රැගෙන යනවාද ? යන්න සම්බන්ධයෙන් පවතින සැකය දුරුකිරිමට කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ එවැනි වු ආකාරයේ අක්‍රමිකතාවයන් සිදුනොවන නමුත් සැකය දුරු කිරිම සඳහා අගුලු දැමු ඡන්ද පෙට්ටි විනිවිද පෙනෙන බෑගයක දමා රැගෙන එ්මට උපදෙස් දී තිබෙන බවය.
තවද ඡන්ද පෙට්ටි මුද්‍රා තැබිමේදි අහඔු ලෙස තෝරාගත් ඡන්ද පොළ කාර්ය මණ්ඩල සාමාජිතයෙක් හෝ ඡන්ද පොළ නියෝජිතයින් විසින් අත්සන් කරන ලද මුල්පිටපත එහි අලවා එක් පිටපතක් ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙතද අනෙක් පිටපත ඡන්ද පොළ නියෝජිතයින්ය නිකුත් කරන බව පවසයි.
මෙහිදී ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරීමේ මධ්‍යස්ථානය දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාවද ලබාදී තිබෙන බව සඳහන්ය.
ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන්කිරිමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
එසේ යාමට අවශ්‍ය නම් අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්ථාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතුය.
ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදුකර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ විසින් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව යන අයට හෙට (07) උදෑසන 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත විසින් පසුගිය 04 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක ග්‍රීසියේ විශාල ආයෝජනයක් කර ඇති බවට තුසිත හල්ලොලුව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශකර සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව අලුත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද 2024 මැයි මස සිට ක්‍රියාත්මක වන පරිදි ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.
පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක් වන අතර දිවයින පුරා පිහිටි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන 822 ආවරණය වන පරිදි මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ යටතේ එක් පිරිවෙනකට/ සීලමාතා අධ්‍යාපන ආයතනයකට පිරිනැමෙන උපරිම ශිෂ්‍යත්ව සංඛ්‍යාව 06කි. ඒ අනුව පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති විසින් තම පිරිවෙනට/ සීලමාතා අධ්‍යාපන ආයතනයට අදාළ ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීම සිදු කළ යුතුය.
කාණ්ඩ දෙකක් යටතේ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරෙන අතර මේ යටතේ ගිහි පැවිදි ශිෂ්‍යත්වලාභීන් 5000ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට අපේක්ෂා කෙරේ. පළමු කාණ්ඩය යටතේ මසකට රුපියල් 3000/- බැගින් 2024 මැයි මස සිට මාස 12ක් සඳහා ද, දෙවන කාණ්ඩය යටතේ මසකට රුපියල් 6,000/- බැගින් මාස 24ක් සඳහා ද ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සහ අයදුම්පත්‍රය ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ www.facebook.com/president.fund නිල Face Book පිටුවෙන් ලබාගත හැකිය.
එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට ද කටයුතු සැලසුම් කර ඇත.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන ගිහි පැවිදි ශිෂ්‍යත්ව අයදුම්කරුවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද තම අයදුම්පත්‍රය 2024 මැයි 22 දිනට පෙර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපති වෙත පමණක් භාරදිය යුතු අතර පරිවේණාධිපති හිමියන්/ ආයතනාධිපතිවරුන් විසින් තෝරාගත් ශිෂ්‍යත්වලාභීන්ගේ නාම ලේඛන ජනාධිපති අරමුදල වෙත යොමු කිරීමට හැකිවන පරිදි කලාප භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්) මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂ වෙත එවනු ඇත.
අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පො.ස (උසස් පෙළ) හැදෑරීමට සුදුසුකම් ලබන, දැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ද ජනාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාව විසින් ලබා දෙනු ලබන අරමුදල් මඟින් ජනාධිපති අරමුදලේ මෙහෙයුම් සහයෝගය මත ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර තිබේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහනද දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ කලාපයකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 50ක් ලබාදීමට සැලසුම් කර ඇත. මේ සඳහා සුදුසුකම් ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 2024 මැයි මස සිට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මාස 24ක උපරිම කාල සීමාවකට යටත්ව මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව මුදල් ප්‍රදානය කරනු ලැබේ.
මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් හා අනෙකුත් සියලුම විස්තර ජනාධිපති අරමුදලේ www.facebook.com/president.fund යන නිල Face Book ගිණුමෙහි හා www.presidentsfund.gov.lk නිල වෙබ් අඩවියේ සහ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
එසේම මේ සම්බන්ධ තොරතුරු විදුලි සංදේශ හා නියාමන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේද පළ කිරීමට කටයුතු කර ඇත.
මෙම ශිෂ්‍යත්ව ඉල්ලුම් කිරිමට සුදුසුකම් සහිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2024 මැයි මස 22 හෝ ඊට පෙර සෘජුවම ජනාධිපති අරමුදල වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
එසේම මෙම අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ද 2024-05-10 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර 2024 පෙබරවාරි 07 වන දින ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් කළ ආකාරයට ජනාධිපති අරමුදල විසින් 2024 වර්ෂය තුළ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබෙන අතර ඒ සියල්ල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.
අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 2022/2023 වර්ෂයේ අ.පො.ස (සා.පෙළ) විභාගයට පෙනී සිට එම විභාගය සමත්ව අ.පොස (උ.පෙළ) හැදෑරීමට සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් දිවයිනේ අධ්‍යාපන කලාප 100 අතුරින් එක් කලාපයකින් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 60දෙනෙකු බැගින් තෝරාගෙන අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රුපියල් 6000/- බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකය.
දැනට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්වලාභීන් 6000ක් තෝරාගෙන අදාළ ශිෂ්‍යත්වලාභීන් පිළිබඳ විස්තර ජනාධිපති අරමුදලේ නිල Face Book පිටුවේ හා නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. මෙම ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අප්‍රේල් මස සිට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර හිඟ මුදල් ද සමඟ අදාළ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමට නියමිතය.
මේ අතර අධ්‍යාපන කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 01 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.
මෙම වැඩසටහන යටතේ මෙරට තිබෙන පාසල් 10,126 ආවරණය වන පරිදි එක් පාසලකට අවම වශයෙන් ශිෂ්‍යත්ව 04ක් හා උපරිම වශයෙන් ශිෂ්‍යත්ව 22ක් ලැබෙන පරිදි පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100,000ක් සඳහා මසකට රුපියල් 3,000/- බැගින් ශිෂ්‍යත්ව ලබා දීමට ශිෂ්‍යත්වලාභීන් තෝරා ගැනීමේ කටයුතු දැනට සිදු කරමින් පවතින අතර මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු නුදුරු දිනකදීම සිදු කිරීමට නියමිතව ඇත.
දැනට මෙම ශිෂ්‍යත්ව අයදුම්කරුවන් පිළිබඳව විස්තර කලාප අධ්‍යාපන කාර්යාල මඟින් ජනාධිපති අරමුදල වෙත ලැබෙමින් පවතින අතර අදාළ සියලුම විස්තර පරිගණක ගතකර අවසන් කළ පසු මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ කටයුතු සිදු කරන අතර එක් එක් ශිෂ්‍ය/ ශිෂ්‍යාව වෙනුවෙන් ආරම්භ කර ඇති බැංකු ගිණුම් වෙත මාසිකව සෘජුවම අදාළ මුදල් බැර කර ශිෂ්‍යත්වලාභියා වෙත කෙටි පණිවිඩයක් (SMS) මඟින් ඒ පිළිබඳව දන්වා යැවීමට කටයුතු සලසා තිබේ.
මාක්ස් පවා මාක්ස්වාදියකු නොවන ලෙස අර්ථ දැක්විය හැකි ආකාරයට වංගිස සුමනසේකර විසින් ලාංකීය වාම දේශපාලන අවකාශය තුළ නිතර කතාබහට ලක්වන, බුද්ධිමය න්‍යාය සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අතර පරතරය ස්පර්ශ කරන අදහස් දැක්වීමක් දක්නට ලැබුණි. කෙසේ වෙතත්, මාක්ස්වාදී දෘෂ්ටිකෝණයකින් සහ දයලෙක්තික විශ්ලේෂණයකින් බලන කල, එම ඉදිරිපත් කිරීම තුළ ප්‍රධාන න්‍යායික සීමා සහ පැහැදිලි පරස්පර කිහිපයක් හඳුනා ගත හැකි ය.
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය සහ අර්ධ නාගරික කලාපයන්හි නිහඬව වර්ධනය වී, අද වන විට සමස්ත සමාජ-ආර්ථික දේහය ම වෙළාගෙන ඇති ප්‍රධානතම ව්‍යසනයක් වන්නේ කොල්ලකාරී ක්ෂුද්‍ර මූල්‍ය (Predatory Microfinance) ණය අර්බුදය යි.
ශ්‍රී ලාංකීය සිනමා කර්මාන්තය නව මාවතකට යොමු කරමින්, පරිපූර්ණ වූ නව ජාතික සහ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සිනමා පාසලක් (National Film School) ස්ථාපිත කිරීම සඳහා වන විද්වත් රැස්වීමක් 2026 ජූනි 18 වන දින ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණි.
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 09 ක සිර දඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කරණ ලදී.
පැවති වර්ෂාමය තත්ත්වයෙන් පසු ඩෙංගු රෝගය නැවතත් රට තුළ උත්සන්න වෙමින් පවතී. විශේෂ ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමක් ජූනි 24, 25 සහ 26 යන තෙදින පුරා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
වර්තමානයේ ගෝලීය මට්ටමෙන් පැන නැගී ඇති සියලු ප්‍රශ්න පැන නැගී ඇත්තේ වසර 35ක පමණ කාලයක් ඇමරිකාව විසින් ලෝකල පාලන කරනු ලැබීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ව්‍යාපාර කටයුතු සඳහා බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි තිළිණි ප්‍රියමාලිට අද (01) යළි වරෙන්තු නිකුත් කළේ ය.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට අදාළ ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
1977 වසරෙන් පසු එළඹි යුගය තුළ පොදුවේ ''රට'' යම් පමණකට සංවර්ධනය වුව ද, එලෙස සංවර්ධනයට යෙද වූ මුදලට වඩා සිය දහස් ගුණයක මුදලක් ඉතා සූක්ෂ්ම අනදමින් කොල්ලකන්නට රාජ්‍ය පාලකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව චීන මහජන සමූහාණ්ඩුවේ තානාපතිවරයා ලෙස සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා Wei Huaxiang ඊයේ (11) ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඇතැම් රූපවාහිනී තිරවල දිස් වෙන ආකාරයට අනුව වී ගොවීන් මුහුණ දෙන අස්වැන්න අලෙවි කර ගැනීමේ ප්‍රශ්නය ලාල් කාන්ත ඇමැතිවරයා ඉලක්ක කරගත් මාලිමා විරෝධීන් යොදා කෙරෙන මීඩියා වැඩක් බව මාලිමාලෝලීන්ට සිතිය හැකි ය. එහෙත් වී වගා කිරීම ජීවනෝපායක් ලෙස පවත්වාගෙන යෑමට වී ගොවියාට කලක් තිස්සේ ම අසීරු වී ඇති බවත් එයට ප්‍රමාණවත් විසඳුම් යෝජනා කිරීමට මේ දක්වා කිසිදු ආණ්ඩුවක් අපොහොසත් වූ බවත් අප අමතක කළ යුතු නැත.
පළාත් සභා මැතිවරණය සඳහා ක්‍රමවේදයක් තෝරාගැනීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය යෝජනා 03ක් ඉදිරිපත් කර ඇති බවත්, එමගින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේක්ෂා කරන්නේ පළාත් සභාවල කාන්තා හා තරුණ නියෝජන සහතික කිරීම සඳහා සිදුකරන යෝජනා සැලකිල්ලට ගනිමින් වඩාත් ප්‍රායෝගිකව අදාළ යෝජනා යථාර්ථයක් කරලීමට අවශ්‍ය පියවර ගන්නා අතර පළාත් සභා මැතිවරණය නොපමාව පැවැත්වීමට හැකි ආකාරය පෙන්වා දීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සදහන් කරයි.
2026 - පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ජූලි 23 දින සිට එක්සත් රාජධානියේ දී ආරම්භ වීමට නියමිත ය. ඒ සදහා ජිම්නාස්ටික් ඉසව් සඳහා ජාත්‍යන්තර විනිසුරුවරියක් ලෙස ශ්‍රී ලංකාවේ අමායා සිතුමිණි සහභාගී වන්නී ය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන්ව සිටින මධ්‍යම පළාතේ පාසල් සිසුන්ට ආධාර ලබා දෙන බව පවසමින් බලශක්ති අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් තිදෙනෙක් ලෙස පෙනී සිට, ව්‍යාජ ලේඛන සකස් කර ආධාර එකතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුදේශ් නලින්ද අල්විස් නැමැති සැකකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (17) නියෝග කළේය.
බොලිවුඩ් තරු ශිල්පා ෂෙට්ටි කුන්ද්‍රා, ආදිත්‍ය රෝයි කපූර් සහ ජැකලින් ෆර්නැන්ඩස් අද (12) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුලෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණ ඇත.
බදාදා රාත්‍රියේ ගෙදර යන ගමනේදී දිලීත් ජයවීර බෞද්ධාලෝක මාවතේ පාසැල් මිතුරෙකුගේ නිවසට ගිහිල්ලා. එතන එයා නොදන්නා තුන්දෙනෙක් ඉදලා.
"මේ මගේ මලිමාවට ඡන්දය දුන්න යහලුවෝ, ඉස්සරනම් උග්‍ර මහින්ද වාදීයෝ” මිතුරා කොක් හඬලා ඔවුන් දිලීත්ට හඳුන්වා දෙමින් කියලා. "දැන් දිලිත් කරන දේශපාලනය ගැන පැහැදීමකින් කතා කරනවා."
මේ කට්ටිය, කෑම කන ගමන් රට ගැන සංවාදයකට වැටුණා.
"මම මේ රට ගැන හැමදාම විශ්වාස කළා. මම රට පුරා යද්දී, මේ රට ඉස්සරහට අරන් යන්න අවංකව මහන්සිවෙලා වැඩකරන්න කැමති හොඳ මිනිස්සු මට ඕන තරම් හමුවනවා."
කතාබහේ හිටිය ශල්‍ය වෛද්‍යවරයෙක් කතා කළා. "ඇයි දිලිත් මේ ආන්ඩුවේ දූෂණය ගැන කතා කරන්නේ නැත්තේ ? හැමෝම ඒ ගැන කතා කරනවා."
"හොඳයි, මම තමයි ජේවීපී රටේ බිහි වෙච්ච වඩාත්ම දූෂිත පක්ෂය කියලා දිගටම කියන කෙනා," දිලීත් පිළිතුරු දුන්නා.
"මම විශ්වාස කරන්නේ නැහැ පුද්ගලයන්ට එරෙහිව චෝදනා තනි තනිව හඹා යන එකට. මම ජේවීපී හෝ අනිත් අය වගේම දේශපාලනය කළොත් මා සහ ඔවුන් අතර වෙනස මොකක්ද? දූෂණය මැඩලීමට, තව ඕන අණ පණත් සහ තාක්ෂණය ගැන මේ දවස්වල මම හදාරමින් ඉන්නවා. ඒ වගේම උපදෙස් ගන්නවා. මම කැමති මිනිස්සුන්ට යථාර්ථය පැහැදිලි කරලා මේ රට ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියලා පෙන්වන්න."
සංවාදය ඉදිරියටත් ගිගිහිල්ල, පාලනයේ විවිධ පැති සහ රටේ දිශාව ආවරණය කරමින්. නමුත් රජය එක්සත් ජාතීන්ගේ යෝජනා ව්‍යසනය හැසිරවූ ආකාරය ගැන සාකච්ඡාව හැරුණු විට දිලීත් සංවේදි වේදී වෙලා.
එතන හිටිය හිටපු යුධ හමුදාපති කෙනෙක් ගේ, අවුරුදු 33 ක, මුනුපුරෙක් කියලා, “දිලිත් අය්යා හරි, අපේ සීයා ජීවතුන් අතර නැහැ, නමුත් මට තේරෙනවා, මේකේ තියෙන භයානක කම. ගොඩාක්, රණවිරු පවුල් වල අය ඉන්නේ, කන්සසල්ලෙන් හා බයෙන්”.
නෙලුම් ගෙදර බලාගෙන ඉන්නවා. අපි ආයේ දවසක හමුවෙලා කතාකරමු, දිලිත් යන්න ඉස්සරවෙලා කියලා.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

