#lalkantha

  • ‘වැඩ කරන මිනිහට සහතික අවශ්‍ය නෑ' - ඇමති ලාල්කාන්ත

    අඩු තරමින් ඕලෙවල් සහතිකයවත් නැති තමාට අද තියෙන්නේ උප්පැන්න සහතිකය ජාතික හැඳුනුම්පත සහ  රියදුරු බලපත්‍රය පමණක් බවත් වැඩ කිරීමට තමාට  අධ්‍යාපන සහතික කිසි දිනක අවශ්‍ය නොවූ බවත් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් වාරිමාර්ග සහ මහවැලි අමාත්‍ය කේඩී ලාල් කාන්ත  පැවසීය.

    අධ්‍යාපන සහතික නැතත් සාමාන්‍ය මනුස්සයෙකු අවුරුදු පන්සීයකින් කරන දේ තමා දැනටමත් අවසන් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මෙසේ පැවසූවේ මහනුවර පැවැති වැඩසටහනකදීය.

    කේඩී ලාල්කාන්ත අමාත්‍යවරයා මෙසේද පැවසීය

    ''මට තියෙන සහතික ටික මම කියන්නම්. උප්පැන්න සහතිකය තියෙනවා. ජාතික හැඳුනුම්පත තියෙනවා. පාස්පෝට් එක තියෙනවා. තවත් එකක් තියෙනවා. ඒ
    රියදුරු බලපත්‍රය. එච්චරමයි. ඕලෙවල් සහතිකයවත් මගේ ළඟ නැහැ. තව මම ගන්න බලාපොරොත්තු වෙන්නේ එක සහතිකයයි. හැබැයි ඒක මට හම්බවෙන්නේ නෑ.   ඒ මරණ සහතිකය.

    වැඩ කරන්න මගේ ජීවිතේට කවදාවත් අධ්‍යාපන  සහතික අවශ්‍ය වුණේ නැහැ. දැන් මම කෘෂිකර්ම පශු  සම්පත් ඉඩම් වාරිමාර්ග මහවැලි ඇමැති. ඌට තියෙන්නේ උප්පැන්නේ සහතිකයයි අර කියපු සහතික ටිකයි විතරමයි. වෙන මොකුත් නෑ. හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් අවුරුදු පන්සියයකින්  කරන දේ මම කරලා ඉවරයි . ඒකයි මම කිව්වේ තරුණයන්ට අභියෝග කරනවා කියලා.

    සමහරුන් උපාධි ලබනවා. සහතික ලබනවා. ඒවා  ගෙදර සාලයේ  ගහනවා .  ඒකට මගේ විරෝධයක් නැහැ. ඉගෙන ගන්න ඕන ප්‍රදර්ශනයට නොවෙයි. ලෝකෙට පෙන්වන්න නෙවෙයි.  රජය කියන්නේ රැකියා දෙන ආයතනයක් නොවේ. රැකියා නිෂ්පාදනය කිරීමේ වපසරිය නිර්මාණය කරන ආයතනය.''

    (lankadeepa | සුජිත් හේවාජුලිගේ)

  • ජන වරමට පිටුපෑම හෙවත් 'වනචාරීන්ට' යටත් වීම

    6 ශ්‍රේණියට අදාළව සැලසුම් කර තිබු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය තෙක් කල් තබන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කර ඇත.

  • ජනපති ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක්

    කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය ප්‍රතිපාදන අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

  • පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පිළිබඳ රනිල් ගෙන් පාඩමක් - රනිල් කොලම

    "අපි ආණ්ඩු බලය ලබා ගත්තත් රාජ්‍ය බලය තවම ලබා ගත්තේ නැහැ,'' යැයි මාලිමාවේ ඇමති ලාල් මහජන රැස්වීමක දී ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ ය. ඒ කතාව ලාල් ගේ ගැලරි චූන් කතාව වගේ එකක් නොවේ. සමස්ත මාලිමාවේ බළලා මල්ලෙන් එළියට පැනීමකි.

  • රන්වල වෙනුවෙන් ලාල්කාන්ත කරලියට !

    රිය අනතුරක් හේතුකොටගෙන අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහරිනු ලැබූ හිටපු කතානායක අශෝක රන්වල සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සිය ෆේස්බුක් පිටුවේ මතු දැක්වෙන සටහන පළකර ඇත.

  • රන්වලට සුදුසු ම තැන කොතැන ද...?

    මාත් එකක් දෙකක් බයිලා ලිව්ව නිසා මේ ටික ලියලා රන්වල ජාතකේ ඉවර කරන්නම්.

  • ලාල් කාන්තට වැඩ වරදී; හිරු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි

    කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත ගේ වත්කම් බැරකම් ප්‍රකාශයට අදාළව හිරු ප්‍රවෘති වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහු ගේ නීතිඥවරයා විසින් හිරු මාධ්‍ය ජාලය වෙත යවන ලද ලිපියට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන හිරුමාධ්‍ය ජාලයේ නීතිඥවරු ලාල් කාන්ත වෙත ලිපියක් යොමු කර ඇත.

  • ලාල්කාන්ත ආගමික ද්වේෂය පතුරවනවා- නාමල් රාජපක්ෂ

    කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති (ICCPR පනත) උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි නාමල් රාජපක්ෂ පැවසී ය.   

  • ෆොන්සේකා මේ වනතුරු කිසිදු තනතුරක් ඉල්ලා නැහැ - ඇමති ලාල්කාන්ත

    ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  සමග යම් යම් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇතත් ඔහුට තනතුරක් ලබා දීමට කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බව කෘෂිකර්ම අමාත්‍යක කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි.

    මහනුවරදී පැවැති වැඩසටහනට එක් වූ අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

    “සරත් ෆොන්සේකා  සමඟ යම් යම් කරුණු පිළිබඳ කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු සාකච්ඡාවක් ආණ්ඩුව සිදු කර නැහැ. අනෙක ඔහු කිසිදු තනතුරක් ආණ්ඩුවෙන් මේ වනතුරු ඉල්ලා නැහැ”

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න