ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලීසිය සිදු කරන විමර්ශනවල ඇතැම් කරුණු පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායකට එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (15) නියෝග කළේ ය.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (8) සිහි කැඳවිම් ලිපියක් නිකුත් කරන බව අධිකරණයට දන්වා සිටියා.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ මරණ පරික්ෂණයට අදාළ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට ලබා දීමට කටයුතු කරන ලෙස දන්වා රජයේ රස පරීක්ෂකවරයාට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) යළිත් සිහි කැඳවීම් ලිපියක් නිකුත් කළේ ය.
තමන්ගේ අතිශය පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ගොස්, දශක එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ "ශ්‍රීලන්කන්" ගුවන් සේවයට රාජපක්ෂ ආණ්ඩුකරණය සහ රනිල් රාජපක්ෂ ආණ්ඩුකරණය විසින් 2009 සිට 2023 දක්වා සිදුකරන ලද සමස්ත පාඩුව රුපියල් කෝටි 53, 000 ඉක්මවා තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

