ඉදිරි මාස හතර තුළ ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වළක්වා ගැනීමේ අවදානමකට රට මුහුණ දෙනු ඇත. පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ නියමිත ප්‍රමිතියෙන් යුතු ගල් අඟුරු මිලදී ගැනීමට රජය පියවර ගත යුතුව ඇතැයි ද එසේ නොවේ නම් නැවත රටට ම බලපාන විදුලි අර්බුදයක් නොවැළැක්විය හැකි වනු ඇත.
විපක්ෂයේ බලවේගවල එකතුවෙන් නොවැම්බර් 21දාට එළිදැකීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට 'දිනන දකුණ' සංවිධානයේ හෘදයාංගම සුභ පැතුම් එක් කරමින් නිවේදනයක් නිකුත්කර ඇත.
බන්ධනාගාර නිලධාරීන් ගේ ඝාතන පිළිබඳව කම්පාවෙන අතරේ ම සිරකරුවන් ගේ භාරකාරීත්වයේ වගවීම පවතින රජයක් අතින් සිරකරුවන් ගේ ජීවිත අහිමි කිරීමට එරෙහිව දිනන දකුණ සාමූහිකය වර්තමාන රජයට දෝෂාරෝපණය කරයි.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් මෑතකදී සිදුකරන ලද සමාජ දර්ශක (Social Indicator) මත විමසුමෙන් හෙළිවන සැබෑ දේශපාලන යථාර්තය සමාජගත කිරීම කාලෝචිත වන බවත්, එසේ නොවන්නේ නම් මේවන විට සිදුවෙමින් පවතින ආකාරයට මත විමසුම තුළින් වියුක්තව ලබා ගන්නා අදහස් විවිධ දේශපාලන බලවේග විසින් තමන්ට රිසි පරිදි සමාජගත කිරීම හේතුවෙන්, සමාජය පිළිබඳ නිසි දේශපාලන කියවීමක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අප වෙතින් ඇවිරෙන්නේ යැයි දිනන දකුණ සාමූහිකය සඳහන් කරයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ ද්වේෂසහගත එකක් බවට විශ්වාස යැයි දිනන දකුණ සාමූහික සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

