Language Switcher

V2025

කාන්තාව සවිබල ගැන්වීම සඳහා යුනිලිවර් Fair and Lovely වෙතින් සිංහල වෙබ් අඩවියක් එළිදක්වයි

යුනිලිවර් සමාගමේ Fair and Lovely ජාත්‍යන්තර කාන්තා දිනයේදී මෙරට කාන්තාව තව දුරටත් සවිබල ගන්වමින් වෘත්තීය මඟ පෙන්වීම සඳහා වන සිංහල වෙබ් අඩවිය එළිදක්වයි.

Fair and Lovely ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ නොමඳ විශ්වාසය හිමිකර ගෙන ඇති සාඩම්බර යුනිලීවර් නිෂ්පාදන සන්නාමයකි. පැහැපත් දිදුලන පෙනුමක් උරුම කර දෙමින් කාන්තාවගේ පෞරුෂ වර්ධනයට දිරිදෙන Fair and Lovely ජාත්යන්තර කාන්තා දිනය නිමිති කර ගනිමින් මෙරට කාන්තාව වෙනුවෙන් තවත් සුවිශේෂී ඉදිරි පියවරක් තැබීමට සමත් විය.

ඒ කාන්තාවන් සඳහා වෘත්තීය මග පෙන්වීම වෙනුවෙන් නිර්මාණය කළ Fair and Lovely Career Foundation වෙබ් අඩවියේ සිංහල සංස්කරණය එළි දක්වමිනි.

පසුගියදා රත්නපුර මහ නගර සභා ශ්රවණාගාරයේදී පැවති ජාත්‍යන්තර කාන්තා දින රාජ්‍ය උත්සවයේදී මෙම නවතම වෙබ් අඩවිය එළි දක්වන ලදී .ඇය දිරිමත් - රට සවිමත් ’යන්න තේමා කර ගනිමින් කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ මෙවර කාන්තා දින රාජ්‍ය උත්සවය වෙනුවෙන් කාන්තාවන් 750කට අධික පිරිසක් එක්ව සිටියහ.

Fair and Lovely මඟින් මීට දින කිහිපයකට පෙර https://www.fairandlovelyfoundation.lk/ වෙබ් අඩවියේ ඉංග්‍රීසි සංස්කරණය හඳුන්වා දුන් අතර එහි ඉදිරි පියවරක් ලෙස ශ්‍රී ලාංකේය කාන්තාවන් වෙනුවෙන්ම මෙම නවතම හඳුන්වා දීම සිදු කරන ලදී.

එම වෙබ් අඩවිය තුළින් කාන්තාවන්ගේ ආර්ථික ශක්තිය හා අභිමානය ඉහළ නැංවීම වෙනුවෙන් වෘත්තීය මඟ පෙන්වීම් 60කට වැඩි ප්රමාණයක් සිදු කරනු ලබයි.

විවිධ තලයන්හි පසුවන කාන්තාවන් වෙනුවෙන් හඳුන්වා දී ඇති එම වෘත්තීය මඟ පෙන්වීම් හරහා කාන්තාවන්ට තමන්ට ගැළපෙන රැකියා අවස්ථාවන් පිළිබඳ දැන ගැනීමට මෙන්ම තමන්ට ගැළපෙන වෘත්තීය අවස්ථාවන් තෝරා ගැනීමටත් අවකාශ උදාවේ.

විවිධ කාර්යාලීය හා ආයතනික රැකියා අවස්ථාවන් පිළිබඳව දැනුවත් කරන අතරම කාන්තාවන් සඳහා සුදුසු ස්වයං රැකියා අවස්ථාවන් පිළිබඳ උපදෙස්ද මෙම වෙබ් අඩවිය තුළින් ලබා දේ.

ඕනෑම අයෙකුට තමන්ගේ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්රෑම් හෝ වෙනත් සමාජ මාධ්යක් හරහා මෙම වෙබ් අඩවිය වෙත ඍජුවම සම්බන්ධ වෙමින් එම පහසුකම් අත්විඳීමට හැකි වීම විශේෂත්වයකි.

ඉහත සඳහන් කළ රැකියා අවස්ථාවන්ට අමතරව ඔන්ලයින් පාඨමාලා රැසක්ද මේ තුළින් හඳුන්වා දී ඇත. ඉංග්රීසි වෙබ් අඩවිය තුළින් එම පාඨමාලා හැදැරීමේ අවස්ථාව දැනටමත් උදා කර දී ඇති අතර මෙරට පාඨමාලා අවස්ථාවන් සමඟ සිංහල වෙබ් අඩවිය තුළින්ද එම අවස්ථාව නුදුරේදීම මෙරට කාන්තාවන් වෙත උදා කර දීමට Fair and Lovely කටයුතු කරමින් සිටියි.

ඉංග්‍රීසි භාෂා පාඨමාලා මෙන්ම වෙනත් භාෂා පාඨමාලාවන්ද, රූපලාවන්‍යය, කලා, සෞඛ්‍ය සේවා, ජනමාධ්ය, සමාජ විද්‍යා ඇතුලු 100කට අධික පාඨමාලා තුළින් තමන් කැමති විෂයයක් මේ යටතේ හැදැරීමට හැකිවීම විශේෂත්වයකි.

තවද රැකියා සඳහා අයදුම්පත් යොමු කිරීමේදී තමන්ට පහසුවෙන් එම අයදුම්පත සකස් කර ගැනීමේ අවස්ථාවද මෙම Fair and Lovely Career Foundation වෙබ් අඩවිය තුළින් උදාකර දී තිබීම තවත් විශේෂත්වයකි.

කිසිවකුගේ උපකාරයකින් තොරව තමන්ට තමන්ගේම අයදුම්පත නිවැරදිව සකස් කර ගැනීමට ඒ තුළින් අවකාශ උදාවේ. එහිදී පරිශීලකයන් විසින් කළ යුතු වන්නේ අයදුම්පතට අදාළ තොරතුරු ලබා දීම පමණක් වන අතර එම තොරතුරු ලබා ගනිමින් වෙබ් අඩවිය තුළින් නිවැරදි මෙන්ම ක්‍රමවත් අයදුම්පතක් නිර්මාණය කර දෙනු ඇත.

අභිමානවත් කාන්තා පරපුරක් වෙනුවෙන් නිරන්තරයෙන් කැපවෙන Fair and Lovely මෙරට කාන්තාවන්ගේ හෙට දවස වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්රියාත්මක කරනු ලබයි.

කාන්තා සුන්දරත්වය පමණක් නොව සෞඛ්‍ය සම්පන්න බව, හැකියාවන් මෙන්ම ආර්ථික ප්‍රගමනය වෙනුවෙන්ද ඔවුන් දිරිගැන්වීමට Fair and Lovely කටයුතු කරනු ලබයි.

IMG 2559