මැටි භාවිතයෙන් නිපද වූ මී මැසි පෙට්ටියෙහි නිපදවෙන මී පැණි ප්‍රමාණය ප්‍රමාණාත්මකව වැඩි අගයක් ගන්නේ යැයි එහි නිෂ්පාදක කොලොන්න, කෑල්ලේ ඩී. බී. රත්න කුමාර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සිය නිර්මාණය පිළිබඳ Mojo News LK youtube නාලිකාව සමග කළ අදහස් දැක්විමක දී ය.
වැඩි දුරටත් අදහස් දක්වමින් කුමාර කියා සිටියේ කෘෂිකරුම දෙපාර්තමේන්තුවෙන් පැමිණ මැටි භාවිතයෙන් මී මැසි පෙට්ටි නිෂ්පාදනය කළ හැකි දැයි විමසූ බවත්, තමන් එම අභියෝගය භාර ගෙ මැටි භාවිතයෙන් මී මැසි පෙට්ටියක් නිෂ්පාදනය කළ බවයි. එමෙන් ම දැනට මෙම මැටි මී මැසි පෙට්ටිය නිපද වීම සඳහා අදාළ යන්ත්‍රය නිපද වූයේ තමාගේ දැනුම භාවිත කරමින් යැයි ඔහු අවධාරණය කළේ ය.
ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම නිර්මාණය සඳහා පේටන්ට් සහතිකය (Patent certificate) ලබා දෙන ලෙසයි.

