ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි - සජිත් ප්‍රේමදාස

ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ අපි - සජිත් ප්‍රේමදාස

දූෂණයට, වංචාවට, හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.


ඔහු මෙම අදහස් පළ කළේ අද (29) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ නායකයින් සමග පැවැති හමුවක දී ය.

එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ඒකාබද්ධ ගමනකට එක්වන්න

''මේ ගමනේ අරමුණ වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දේශපාලන දඩයම නතර කිරීම යි. ඒ තුළ මෙරට දූෂණය වංචාව හොරකම පිටුදැකීමේ ක්‍රියාවලියට සහයෝගය ලබා දෙනවා. අපි ඉන් බැහැර වන්නේ නැහැ. දූෂණයට, වංචාවට සහ හොරකමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රට බංකොලොත් කිරිම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩු පවරා තීන්දු ලබා ගත්තේ සමගි ජන බලවේගය යි.

රජය සහ රජය සම්බන්ධ පාර්ශ්ව වලට හොරකම් නොකරන අය ඉන්නවා කියා සුජාත භාවයක් ගත නොහැකි යි.

සමගි ජන බලවේගය පැහැදිලිවම මර්දනයට සහ තර්ජනයට විරුද්ධ යි. මූලික අයිතිවාසිකම් උත්තරීතර නීතියේ සඳහන් වෙලා තියෙනවා. භාෂණයේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස, ආගමක් ඇදහීමේ නිදහස සංස්කෘතික නිදහස තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සියලු දෙනා පෙළගැසී සිටිනවා. ඒ නිසා විපක්ෂ නායක කාර්යාලය මූලික කර ගෙන ඒකාබද්ධ ගමනක් යන්නට එක්වන්න.

පක්ෂග්‍රාහී නොවන වැඩසටහනක් පොදු යහපත ප්‍රජාතන්ත්‍රවාදය මානව හා මූලික අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ගුණාංගය කේන්ද්‍ර කර ගෙන යන විට එකතු විය හැකි අය මේ ගමනට එක්විය හැකි යි.

නිදහස් මාධ්‍ය අයිතිය සුරකිමු

එසේම මෙරට නිදහස් මාධ්‍ය ආරක්ෂා කර ගත යුතු යි. ප්‍රජාව සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගන්නවා සේම ප්‍රජාවගේ අදහස් ද අප දැනගත යුතු යි. මේ සන්නිවේදනයට අත තියන්න රජය විවිධ උත්සාහයන් දරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න සත්භාවයෙන් ක්‍රියාත්මක වන මේ වැඩසටහන තුළින් නිදහස් මාධ්‍ය ද සුරක්ෂා කරවා.''


Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න