කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව කොළඹ නගරබද උද්ධමනය මැයි මාසයේදී සියයට 25.2 ක් දක්වා අඩු වී ඇත.
මේ බව සඳහන් කරමින් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත.
ඊට අනුව මැයි මස උද්ධමනය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.1 කින් පහළ ගොස් ඇත.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 21.5 දක්වා පහළ ගොස් ඇති අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 9.1 ක පහළ යාමකි.
මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 27.0 ක් වන අතර එය අප්‍රේල් මසට සාපේක්ෂව සියයට 10.6 ක පහළ යාමකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
