ප්‍රීමා පිටි මිලත් ඉහළට !

ප්‍රීමා පිටි මිලත් ඉහළට !

ප්‍රිමා සමාගම විසින් පාන් නිෂ්පාදන සදහා භාවිතා කරන ලබන (මිල්ක් බ්‍රැන්ඩ්) පිටි කිලෝ එකක මිල රු 3.50 කින් (15) දින සිට වැඩි කර ඇති බව ප්‍රිමා තිරිගු පිටි එජන්තවරුන් වෙත දැනුම් දි ඇත.

ප්‍රිමා සමාගම විසින් මිල්ක් බ්‍රැන්ඩ් කිලෝ 50 ක් සහිත පිටි මිටියක් රු හාරදහසකට අලෙවි කල අතර , නව මිල වැඩි කිරිමත් සමග පිටි කිලෝ 50 ක් රු 4175 දක්වා ඉහල යන බව  ප්‍රිමා තිරිගු පිටි අලෙවි නියෝජිතයන් පවසයි.පාන් නිෂ්පාදනය සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක මිල වැඩි කිරිමත් සමග බේකරි නිෂ්පාදනවලද මිල  දැමිමට සිදු වන බවයි බේකරි නිෂ්පාදකයින් කියා සිටියි.

ප්‍රිමා තිරිගු පිටි සමාගම විසින් රොටි සදහා භාවිතා කරනු ලබන පිටි කිලෝවක් පසුගිය දා රු 4 කින්ද වැඩි කරනු ලැබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න