Language Switcher

V2025

කොවිඩ්-19 හමුවේ ගනුදෙනුකරුවන්ට සම්පත් බැංකුවෙන් සහන රැසක්

සම්පත් බැංකුව අත්‍යාවශ්‍යම මොහොතේ ගනුදෙනුකරුවන් වෙත සහන රැසක් හිමි කර දෙයි.

ශ්‍රී ලාංකේය බැංකුකරණයේ ප්‍රමුඛයකු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි.

සියලු ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර ඇති වත්මන් තත්වය තුළ සුලු හා මධ්‍ය පරිමාණ අංශයන්හි වැවිලි කර්මාන්ත, ධීවර, රෙදිපිළි, ප්‍රවාහන හා තොරතුරු තාක්ෂණ ඇතුලු ව්‍යාපාර රැසක් වෙනුවෙන් මාස 6ක ණය සහන කාලයක් සම්පත් බැංකුව විසින් ලබා දී ඇත. තවද ව්‍යාපාරයන් නැවත නගා සිටුවීම වෙනුවෙන් ව්‍යාපාර කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 4% පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් සළසා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09.30 දක්වා ගාස්තු අය නොකිරීමටද සම්පත් බැංකුව කටයුතු කරනු ඇති අතර රුපියල් 500,000කට අඩු වටිනාකමකින් යුත් චෙක්පත් සඳහා වන වලංගු කාලය 2020.04.30 දක්වා දීර්ඝ කිරීමටද සම්පත් බැංකුව පියවර ගෙන ඇත.

එසේම සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තව දුරටත් සහනයක් වෙමින් සම්පත් ලීසිං පහසුකම් යටතේ ලබා ගත් ත්‍රිරෝද රථ, පාසල් සේවා වෑන් රථ, ලොරි රථ, කුඩා ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන වාහන සහ බස් රථ සඳහා මාස 6ක සහන කාලයක් ලබා දීමට සම්පත් බැංකුව පියවර ගෙන ඇත. ඊට අමතරව ස්වයං රැකියාවන්හි නියුතු වූවන් විසින් ලීසිං පදනම යටතේ මිලදී ගෙන ඇති යතුරු පැදි හා කුලී රථ (ටැක්සි) සඳහා ද මාස 6ක සහන කාලයක් මේ යටතේ හිමිවේ. සම්පත් ලීසිං හරහා ලබාගත් පෞද්ගලික ලීසිං පහසුකම්වල ලක්ෂ 10කට අඩු වාරික ගෙවීම් සඳහා මාස 3ක සහන කාලයක් ලබා දීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත.

රට තුළ පවතින අර්බුධකාරී තත්වය හේතුවෙන් සම්පත් බැංකුව මඟින් ලබා දී තිබෙන රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය සඳහා මාස 3ක සහන කාලයක් හිමි කර දීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් දක්වා පුද්ගලික ණය ලබා ගෙන ඇති සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට තම ණය වාරික ගෙවීම වෙනුවෙන් මාස 3ක සහන කාලයක් හිමිවනු ඇත.

මේ මොහොතේ සම්පත් කාඞ්පත් හිමියන්ට ද ඉමහත් සහනයක් හිමිකර දී ඇති සම්පත් බැංකුව රුපියල් 50,000ක වටිනාකමින් යුත් සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඞ් පත් සඳහා 15%ක උපරිම පොලී අනුපාතයක් ලබා දෙමින් අවම මාසික ගෙවීම 50%කින් අඩු කිරීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. එම සහනය 2020. අප්‍රේල් මස අවසන් වන තුරු ක්‍රියාත්මක වේ. එසේම 2020.09.30 දක්වා ක්‍රෙඩිට් කාඞ් පත් ගෙවීම් වෙනුවෙන් කිසිඳු ප්‍රමාද ගාස්තුවක් අය නොකිරීමටද සම්පත් බැංකුව තීරණය කොට ඇත.

මීට අමතරව මේ මොහොතේ දුෂ්කරතාවයට පත්ව සිටින සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ^ Mobile ATM & පහසුකම්ද සළසා දීමට පියවර ගෙන ඇත. බැංකුවට හෝ නගරයේ ස්යංක්‍රීය ටෙලර් යන්ත්‍රය වෙත නොගොස් තමන්ගේ නිවස අසලට පැමිණෙන ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර තුළින් මුදල් ලබා ගැනීමට මෙන්ම මුදල් තැන්පත් කිරීමටද ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ.

Allianz වත්මන් තත්වය මනාව හඳුනාගනිමින් අතිරේක රක්ෂණාවරණයන් රැසක් හිමි කර දෙයි

COVID-19 හෙවත් නව කොරානා වෛරසය අදාළව රට තුළ උද්ගතවන තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට Allianz Life Insurance Lanka Limited කටයුතු කර ඇත. COVID-19 හි බලපෑම හේතුවෙන් අපහසුතාවට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක් ඉදිරිපත් කිරීමට Allianz Life මෙහිදී ඉදිරිපත්ව ඇත.

එහිදී දැනට Allianz සමඟ කටයුතු කරන ක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම නව රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් COVID-19 හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුවහොත් රුපියල් 50,000ක පරිපූරක ජීවිත ආවරණයක් සහ අවමංගල වියදම් වෙනුවෙන් තවත් අතිරේක රුපියල් 50,000ක මුදලක් ලබා දීමටද Allianz Life කටයුතු කරනු ලබයි. එමෙන්ම සිය රක්ෂණ ඔප්පු හිමියන් ඣඪෂෘ-19 වෙතින් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රෝහල් ගත කිරීම් වියදම් ප්‍රතිපූර්ණය කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිකර දීමටද කටයුතු කර ඇත. රෝහල් මුදල් ප්‍රතිලාභ වලට අමතරව බරපතල රෝගාබාධ හා ආබාධිත රක්ෂණාවරණයද ඊට ඇතුළත් වේ.

මෙම සියලු ප්‍රතිලාභයන් 2020 ජූනි 30 වනදා දක්වා වලංගු වලංගු වේ. වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම වෙනුවෙන් රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය දැක්වීම Allianz හි සියලු ගනුදෙනුකරුවන් සහාය දැක්විය යුතු බැවින් නැවත දැන්ම් දෙන තුරු සිය ප්‍රධාන කාර්යාලය සහ සියලු ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමටද කටයුතු කර ඇති බව ්කකස්බ‘ සිය ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ලබයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා කාලය තුළ යන +9411 2317988 /+94 11 2317989 අංකයන්ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්්‍යුත් තැපෑල තුළින් දැන ගත හැකිය.