ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පසුගියදා පාර්ලිමේන්තුවේ දී තමන්ට එරෙහිව කළ චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට එරෙහිව අනිවාර්යයෙන් ම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ රජීව් අමරසූරිය ප්‍රකාශ කර ඇත.
ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් නිවේදකයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී බස්නාහිර පළාත් සභාවේ මහඇමති අපේක්ෂක ධූරය ලබාගැනීමේ අරමුණින් රජීව් අමරසූරිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පවත්වා දේශපාලන ඩීල් එකකට එළඹ ඇති බවට පසුගියදා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අසිත නිරෝෂන මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණි.
මහජනතාව ගේ පරමාධිපත්‍යයට කරන නිගරුවක්
කෙසේවෙතත් රජීව් අමරසූරිය එම චෝදනාව සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර අතර ම එම ප්‍රකාශය ඇසීමෙන් තමන්ට මුලින්ම සිනහවට කරුණක් වූ බවත්, මෑතක දී කිසිදු අවස්ථාවක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව හමුවී නොමැති බවත් පැවසී ය.
විපක්ෂ නායකවරයාගේ දුරකතන අංකය පවා තමන් ළඟ නොමැති බවත් මහජන සංසදයක දී හමුවී අතට අත දීම හැරෙන්නට කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික සාකච්ඡාවක් පවත්වා නොමැති මොහොතක මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම පුදුමසහගත බවත් ඔහු පැවසී ය.
එමෙන්ම මහජන මුදලින් සහ සියලු පහසුකම් ලබන මහජන නියෝජිතයින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී මෙවැනි පදනම් විරහිත මඩ ප්‍රචාර සහ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම සමස්ත මහජනතාව ගේ පරමාධිපත්‍යයට කරන නිගරුවක් බවද රජීව් අමරසූරිය පවසයි.
‘සජිත් ගෙන් අසිත නිරෝෂණට අභියෝගයක්’
මේ අතර අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මීට පෙර සිය නිල X ගිණුම මගින් සටහනක් තබමින් ඔහුට අභියෝගයක් එල්ල කර තිබුණි.
එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කර තිබුණේ, “විනිසුරුවරුන් ගේ විශ්‍රාම යෑමේ වයස වෙනස් කිරීමේ සැලැස්ම රජයට ආරක්ෂා කළ නොහැකි ය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ සිටගෙන එයට විරුද්ධ වීමට නීතිඥ සංගමයට අල්ලස් දුන් බවට මට චෝදනා කළේය. මොනතරම් නිර්ලජ්ජිත චෝදනාවක් ද? අසිත නිරෝෂන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ මෙය නැවත කරන ලෙස මම අභියෝග කරමි.” යනුවෙනි.
මූලාශ්‍ර - whatnews.lk
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
