බංග්ලාදේශ ජාතිකවාදී සන්ධානයේ නායක තාරික් රහ්මාන් වසර 17කට පසු සිය රටට

බංග්ලාදේශ ජාතිකවාදී සන්ධානයේ නායක තාරික් රහ්මාන් වසර 17කට පසු සිය රටට

බංග්ලාදේශයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සටනේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස සැළකෙන තාරික් රහ්මන් (Tarique Rahman) වසර 17කට පසු අද (25) යළි බංග්ලාදේශය වෙත පැමිණියේය.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ( BNP - Bangladesh Nationalist Party) වත්මන් වැඩබලන සභාපතිවරයා වන ඔහු, බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය වන කලිඩා ශියාගේ පුත්‍රයෙකු වේ.

මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන තාරික් රහ්මන් 2008 මැතිවරණයෙන් පරාජයවීමෙන් අනතුරුව, ශෙයික් හසීනා රජයේ බලපෑම් මත එරටින් පිටුවහල් කළේය.

ඉන් අනතුරුව එංගලන්තය වෙත පලාගිය ඔහු, මේ දක්වා කාලය තුළ කිසිදු දිනක බංග්ලාදේශයට පැමිණ නොතිබුණි.

කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා 2024 වසරේ දී ධුරය අත්හැරීමත් සමග ඇති වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙලෙස සිය රට බලා පැමිණ ඇත.

බංග්ලාදේශ මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 12 වනදා පැවැත්වීමට සැළසුම් කර ඇති අතර, එහිදී BNP පක්ෂය බහුතර බලයක් ලබා ගනිමින් අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට සැලසුම්කර තිබේ.

මුලාශ්‍රය :

BNP leader Tarique Rahman returns: Who is Bangladesh’s potential next PM?

Dhaka braces for return of BNP leader ahead of polls

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න