වත්මන් රජය, රාජ්‍ය සේවය විනාශ කරනවා - චන්ද්‍රිකා කුමාරතුංග

වත්මන් රජය, රාජ්‍ය සේවය විනාශ කරනවා - චන්ද්‍රිකා කුමාරතුංග

වත්මන් රජය රාජ්‍ය සේවය විනාශ කරමින් සිටිනන්නේ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් අවධාරණය කරන්නී ය.

වර්තමාන පාලන ක්‍රමය වෙනස් නොකළහොත් එය සම්පූර්ණ අවුල් ජාලයකට ඇද වැටිය හැකි බවත් විසඳුම අප ගේ ජනතාව මත රඳා පවතින අතර අපේ රට දශක දෙකක අයහපත් පාලනයෙන් සිදු වූ විනාශයට ගොදුරු වෙමින් පවතින බවද ඇය වැඩි දුරටත් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටියා ය.

දේශපාලන නායකයින් වෘත්තීය රාජ්‍ය සේවය මත යැපිය යුතු යි

හිටපු ජනාධිපතිනිය පෙන්වා දෙන්නේ වෘත්තීය මට්ටමේ කාර්යක්ෂම සහ අවංක රාජ්‍ය සේවයකින් තොරව රජයකට ක්‍රියාත්මක විය නොහැකි බවයි. එහෙත් වත්මන් රජය, රාජ්‍ය සේවය විනාශ කර, ඒ වෙනුවට දුර්වල සුදුසුකම් සහ දුර්වල අත්දැකීම් ඇති තම පක්ෂයේ සාමාජිකයින් සහ ආධාරකරුවන් පත් කිරීමට උත්සාහ කරන බවට ද ඇය චෝදනා එල්ල කරයි.

"දේශපාලන නායකයන්ට වසර ගණනාවක පළපුරුද්දක් හෝ වෘත්තීයභාවයක් තිබීම අත්‍යවශ්‍ය නොවේ, නමුත් ඔවුන් නොසැලෙන අඛණ්ඩතාවයකින් (Integrity) යුක්ත විය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක පාලනය ගෙන යාමට දේශපාලන නායකයින් වෘත්තීය රාජ්‍ය සේවය මත යැපිය යුතුය."

පවතින බරපතළ තත්ත්වය ජනතාව වටහා ගත යුතුයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ ඔහු අතිශයින්ම ඉතා අවංක, ඉහළ වෘත්තීය රාජ්‍ය සේවකයෙක් බව යි.

රටේ පාලනය භයානක තත්ත්වයකට ඇද වැටීම හේතුවෙන් ජනතාව "අරගලය" කරා යොමු වූ බවත්, ශ්‍රී ලාංකිකයන් ගේ දේශපාලන දැනුවත්භාවය මේ වන විට ඉහළ මට්ටමක පවතින බවත් ඇය පවසන්නී ය. පවතින තත්ත්වයේ බරපතළකම වටහාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතු බවත් ඇය තව දුරටත් අවධාරණය කර සිටින්නී ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න