හිරු නාලිකාවෙ බලපත්‍රය අහෝසි කරන්න කියලා ප්‍රගතිශීලී මාධ්‍ය කරුවකු වන තරිදු උඩුවරගෙදර සහෝදරයා කරන අඩහැරය දෙස අයිතිවාසිකම් පිලිබද සංවේදී පුරවැසියන්ගේ අවධානය යොමුවිය යුතුව තිබේ.
ආරම්බයේදී කිව යුත්තේ එසේ තහනම් කරන්නට යන්නේ නම් පලමුව ජන මාධ්‍ය අමාත්‍යංශය හිරු නාලිකාව තමන් සමග පැවති ගිවිසුම කඩකල බවට ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කල යුතු බවය. විදුලි සංදේශ නියාමන කොමිසම තීන්දුවක් ගත යුත්තේ ඉන් අනතුරුවය.
කෙසේ නමුත් රජයේ එවැනි තීරනයක් පුර්න වශයෙන්ම අධිකරන විමර්ශනයකට යටත් වන්නකි. ඒ නිසාම යමෙකු අඩහැර පෑමක් කල පමනින් එය ක්ෂනිකව ඉටුවන්නක් නොවේ.
කෙසේ නමුත් අපගේ අවධානයට යොමු වන්නේ තරිදු උඩුවරගෙදර නම්වු ප්‍රගිතිශීලියා විසින් තම යුටියුබය හරහා හිරු නාලිකාව වසා දමන්නට සිදු කරන අඩහැරයේ ප්‍රගතිශීලි භාවයයි.
තරිඳුගේ අඉහැරය අපට පලමුව සිහිපත් කරන්නේ 70 දශකයේ මුල් භාගයේදී එවකට වු සමගි පෙරමුන රජයේ වාමාංශික කොටස් කරුවන් ලේක්හවුස් පච පත්තර සහ දවස පත්තරය රජයට පවරා ගන්නට යයි ඉල්ලා සිදු කරනු ලැබු උද්ඝෝෂන මාලාවයි.
තරිදු කියන්නේ ජනතාවට අයත් සංඛ්‍යාත මංකොල්ල කෑ සංඛ්‍යාත හොරුන්ගෙන් එම සංඛ්‍යාත නැවත ජනතාවගේ සුභසෙත සදහා ලබාගත යුතු බවය.
අපට අනුව සංඛ්‍යාත සුපිලිපන්ව ලබා ගත් එකදු හෝ මාධ්‍ය ආයතනයක් මෙරට තුල දක්නට ලැබෙන්නේ නැත.
ජනතා විමුක්ති පෙරමුන පවා සංඛ්‍යාත හොර පාරෙන් ලබාගත්තා පමනක් නොව එම සංඛ්‍යාත විකුනා අයුතු ලාබයක්ද උපයා ගනුලැබු බව ප්‍රසිද්ද රහසකි.
ඒ අනුව හිරුට ලබා දුන් සංඛ්‍යාත නැවත ලබා ගන්නේ නම් හොර පාරෙන් ලබා ගත් සියළුම සංඛ්‍යාත නැවත රජයට පවරා ගත යුතුව තිබේ.
එවැනි පසුබිමක අපට තරිදුගෙ ප්‍රකාෂය සිහිකරන්නෙ නොමල ගෙයකින් අබ සොයාගෙන එන්නට යයි බුදුන් වහන්සේ පටාචාරාවට අනුදැන වදාල උපදේශයයි.
එසේත් නැති නම් ජෙසුස් වහනසේ පව්කාරයකු නොවන කෙනෙකුට පමනක් ගල් ගසන්නට හැකි බවට කල ප්‍රකාශයයි.
තරිදුගේ ඉතිහාසය අප අනුදකින්නේ ප්‍රගිතිශීලි වාමාංශික ජනමාධ්‍ය වේදියකු ලෙසටය.
නමුත් බලය හමුවේදී තරිදුගේ හැසිරීම තමන් විසින්ම ගර්හාවට ලක් කරන අතීත දේශපානයෙන් වෙනස් නොවන බව පෙනෙති.
බලය දුෂනයටත් උපරිම බලය උපරිම දුෂනයටත් හේතුවන බව ඇක්ටන් සාමිගේ කතාව දැන් තරිදුට අදාල නොවන බව පෙනෙති.
එසේම තරිදුට ලෝක ඉතිහාසයෙන් හෝ ලංකික ඉතිහාසයෙන් උගත යුතු පාඩමක් පවතින බවක් නොපෙනෙති.
1933 දී හිට්ලර්ගේ කෙරුවාවට උල් පන්දම් ලබාදුන් බුද්ධිමතුන්, කලාකරුවන් බොහොමයක් සිටි බව අමතක නොකල යුතුය.
සමගි පෙරමුන රජය පච පත්තර සීල් දමන කල හුරේ දැම්මේ එවකට සිටි වාමාංශිකයන් බව එලෙසින්ම අමතක නොකල යුතුව තිබේ.
හිට්ලර්ගේ පාලනය විනාශයකින් අවසන් වු අතර සමගි පෙරමුනු රජය අන්ත පරාජයකින් කෙලවර කරගත්තේය.
තරිදු වෛර කරන්නේ හිරු නාලිකාවේ පච මාධ්‍ය භාවිතයටය. එම වෛරය දේශපාලනික වනවා මිස සදාචාරාත්මක තලයේ වන ප්‍රතිවිරෝදයක් නොවේ.
එය දේශපාලනික වන්නේ තරිදු කැමති ජවිපෙ දේශපාලන ව්‍යාපෘතිය ආරක්ෂා කර ගන්නටය.
එම ව්‍යාපෟතියට වින කටින ද්‍රෝහීන් කෙක්කෙන් හෝ කොක්න් මර්ධනය කල යුතුය.
ඇතැම්විට තරිදුට එම ආභාෂය දෙන්නට ඇත්තේ බොලෂවික් ලෙනින්වාදීන් වන්නට පිලිවන.
නමුත් ලංකාවේ එවැනි ආඥාදායක ව්‍යාපෘතියක් 2024 දී අනුර කුමාර හරහා පිහිටවනු ලැබුයේ නැත.
පිහිටුවා ඇත්තේ මහජන ජන්දයෙන් බහුතරවාදී රජයකි.
තවමත් බහුතරයට එරෙහි මතයක් රට තුල පවතී
එම නිසා තරිදුගේ විරුද්දත්වය හේතුවෙන් හෝ ආන්ඩුවේ විරුද්දත්වය හේතුවෙන් විසම්මුතිය පගා දැමීමේ අයිතියක් තරිදුට හෝ මාලිමා රජයකට ලැබෙන්නේ නැත.
නමුත් තරිදුට හො මාලිමා රජයට හිරු නාලිකාව හෝ වෙනත් ඔනෑම නාලිකාවක් දරන මතය විවෙචනය කිරීමේ අයිතිය පවතී.
මම ද හිරු බලන්නේ නැත. එසේම ඒතුල වෟත්තිය ජනමාධ්‍ය කරනයේ අඩුවක්ද තිබිය හැකිය. නමුත් බලය යොදා එය කැන්සල් කරන්නට මම උත්සාහ කරන්නේ නැත.
තරිදුගේ නාලිකාව මගින්ද අන් අය නොකැමති අදහස් එලි දක්වන්නේය.
එවිට අප තරිදුගේ විසම්මුතික අදහස් දෙස පවා අප බලන්නේද උපේක්ෂාවෙනි. නමුත් තරිදුගේ අදහස් තලන්නට අප පෙලඹෙන්නේ නැත.
එවැනි උපේක්ෂාවක් නිර්ධන පංතිකයන්ට නොමැති බව තර්‍රිදු පෙරලා තර්ක කරන්නට පිලිවන.
එසේ නම් තරිදු එය කල යුත්තේ නිර්දන පංති ආඥාදායකත්වයක් පිහිටුවා ගත් දිනක මිස නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා බහුතරයක බලය දිනාගත් ආන්ඩුවක් හරහා නොවන බව කිව යුතුව තිබේ.
එම නිසා තමන්ගේ මතය නොදරන නිසා හෝ තමන් අකමැති නිසා මාධ්‍යයක් තලන්නට යෑම ශිෂ්ඨ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට ඔබින්නක් නොවේ.
ප්‍රංශ දාර්ශනිකයකු වු වොල්ටයර් කීවේ තමන් අනෙකාගේ මතයට ඉදුරාම ප්‍රතිවිරුද්ද මතයක් දරන නමුත් එවැනි මතයක් දරන්නට කෙනෙකුට එසේ මතයක් දරන්නට ඇති අයිතිය දිවි හිමියෙන් රකින බවය.
වෝල්ටයර් හදුන්වන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ පියා ලෙසටය.
තරිදුලාට වෝල්ටයර්ලාගෙ කතාවලින් පලක් නැත.
අරගලය තුල ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හඩනැගු තරිදුලා ජවිපෙ බලය හමුවේ ඒකාධිපතිවාදයක් කරා ගෙන යන්නට දරන්නාවු මෙම දෙබිඩි ප්‍රයත්නය කොන්දේසි විරහිතව පරාජය කල යුතුව තිබේ.

(සටහන | නීතිඥ ශිරාල් ලක්තිලක)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
@ Shiral Lakthilaka ෆේස්බුක් පිටුවෙන්...

