රජයේ විධායක නිලධාරීන්ට ලබන 01 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
ඒ සඳහා වන චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය විසින් ඔවුන් සඳහා රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට අනුමැතිය ලබා දුන් අතර, එම දීමනාව එලෙස ජනවාරි 01 වැනි දා සිට ලබාදෙන බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
