ඇල්පිටිය ජන්දය ඔක්තෝබර් 11: එජාප මැතිවරණ සටන සජිත්ට ?

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඊට අනුව එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසටි නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ (02) රාත්‍රීයේ නිකුත් කිරීමට නියමිතව තිබුණි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබිණ.

ඇල්පිටිය වාසි කාටද ?

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජන්ද විමසීම මේ වන විට ජාතික මට්ටමේ අවධානය යොමුවූ කරුණක් බවට පත්වෙමින් තිබේ.

ඒ එළැඹෙන ජනාධිපතිවරණය ආසන්නයේ මේ මැතිවරණය පැවැත්මට නියමිත නිසාය. ඒ නිසාම එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණය සම්බන්ධව යම් මතවාදී බලපෑමක් කරනු ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රසිද්ධ වෙන්නේ ශ්‍රිලනිප - පොහොට්ටු පාර්ශවයේ ජන්ද බලකොටුවක් ලෙසය.

ඇල්පිටිය සටන මෙහෙයවීම සජිත්ට ?

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මෙහෙයවීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පැවරීමට පක්ෂ නායකයන් වෙත යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වන විට එලැඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් දරණ අතර ඒ වෙනුවෙන් සමාජ බලපෑමක් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් "සජිත් එනවා " මැයෙන් දැවැන්ත රැලි මාලාවක් පවත්වමින් සිටියි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ එජාප ප්‍රබලයකු සදහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිට මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවා නැති බැවින් ඇල්පිටිය සටන මෙහෙයවා පෙන්වීම ඔහුගේ අපේක්ෂකත්වය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව මෙතෙක් නිල සාකච්ඡාවක් හෝ ප්‍රකාශයක් නිකුත්කර නැති බවත් එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ එවැනි සාකච්ඡාවක් තිබෙන බවත් ඔහු පැවසීය.

මාරාන්තික උගුලක් !

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පුවත් මැවෙන ආකාරයට සජිත් ප්‍රේමදාස ඇල්පිටිය මැතිවරණය මෙහෙයවීම ඔහුට දැඩි අවාසිදායක වන්නක් බවයි.ඇල්පිටිය ජන්දය ඔක්තෝබර් 11: එජාප මැතිවරණ සටන සජිත්ට ?

ඇල්පිටිය ප‍්‍රාදේශිය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් මස 11 වැනි සිකුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.

ඊට අනුව එම ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සිදුකරන දිනය ඇතුළත් අති විශේෂ ගැසටි නිවේදනය ගාල්ල තේරීම් බාර නිලධාරිවරයා විසින් ඊයේ (02) රාත්‍රීයේ නිකුත් කිරීමට නියමිතව තිබුණි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවට තරඟ කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාම යෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප වීම හේතුවෙන් එම මැතිවරණය පැවැත්වීම කල් ගොස් තිබිණ.

ඇල්පිටිය වාසි කාටද ?

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ජන්ද විමසීම මේ වන විට ජාතික මට්ටමේ අවධානය යොමුවූ කරුණක් බවට පත්වෙමින් තිබේ.

ඒ එළැඹෙන ජනාධිපතිවරණය ආසන්නයේ මේ මැතිවරණය පැවැත්මට නියමිත නිසාය. ඒ නිසාම එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණය සම්බන්ධව යම් මතවාදී බලපෑමක් කරනු ඇති බව ඇතැම් දේශපාලන විචාරකයන්ගේ අදහස වී තිබේ.

කෙසේ වුවත් ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ප්‍රසිද්ධ වෙන්නේ ශ්‍රිලනිප - පොහොට්ටු පාර්ශවයේ ජන්ද බලකොටුවක් ලෙසය.

ඇල්පිටිය සටන මෙහෙයවීම සජිත්ට ?

මේ අතර එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය මෙහෙයවීම සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පැවරීමට පක්ෂ නායකයන් වෙත යෝජනාවක් ඉදිරිපත් ව ඇති බවය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වන විට එලැඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා දැඩි උත්සාහයක් දරණ අතර ඒ වෙනුවෙන් සමාජ බලපෑමක් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමෙන් "සජිත් එනවා " මැයෙන් දැවැන්ත රැලි මාලාවක් පවත්වමින් සිටියි.

මේ සම්බන්ධව අදහස් දැක්වූ එජාප ප්‍රබලයකු සදහන් කර සිටියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මීට පෙර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පිට මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවා නැති බැවින් ඇල්පිටිය සටන මෙහෙයවා පෙන්වීම ඔහුගේ අපේක්ෂකත්වය ඉල්ලීම සාධාරණීකරණය කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව මෙතෙක් නිල සාකච්ඡාවක් හෝ ප්‍රකාශයක් නිකුත්කර නැති බවත් එහෙත් පක්ෂ අභ්‍යන්තරයේ එවැනි සාකච්ඡාවක් තිබෙන බවත් ඔහු පැවසීය.

මාරාන්තික උගුලක් !

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පුවත් මැවෙන ආකාරයට සජිත් ප්‍රේමදාස ඇල්පිටිය මැතිවරණය මෙහෙයවීම ඔහුට දැඩි අවාසිදායක වන්නක් බවයි.

එය සජිත්ගේ ප්‍රතිරූපයට හානි වන්නක් විය හැකි බවත් අත්දැකීම් නොමැති වීමට වඩා ඒ තුළ ඇත්තේ ඇල්පිටිය කොහොමත් එජාප කඳවුරට අවාසි ජන්ද වැඩි ප්‍රදේශයක් වීම බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න