ඌවේ චාමර ආයෙත් නෑමක - මේපාර ජනාධිපතිවත් විකුණලා

ඌවේ චාමර ආයෙත් නෑමක - මේපාර ජනාධිපතිවත් විකුණලා

ගුරුවරිය දණ ගැස්සවූ සිදුවීමට අදාළව මානව හිමිකම් කොමිසම විසින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට යවා ඇති සිතාසියේ සඳහන් පෙබරවාරි 01 වනදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව ප්‍රධාන අමාත්‍යවරයා දැනුම්දී ඇතැයි වාර්තා වෙයි.

ලිපියක් යොමුකරමින් ඌව ප්‍ර‍ධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ඒ බව මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දී ඇති ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙබරවාරි 01 වනදා මහියංගනයේ රැස්වීමක් සදහා පැමිණීමය.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලුණුගල හා හපුතලේ රැස්වීම් පැවැත්වෙන බව ද ඒවා පෙර සුදානම් කළ රැස්වීම් බව ද, ප්‍රධාන ආමාත්‍යවරයාගේ ලිපියේ සදහන් කර ඇත.

එහෙයින් පෙබරවාරි 01 වනදා හැර වෙනත් දිනයක් ලබාදෙන ලෙසද ප්‍රධාන අමාත්‍යවරයා සිය ලිපිය හරහා මානව හිමිකම් කොමිසම දැනුවත් කර ඇත.

එහෙම බෑ : සිතාසියට අනුව කටයුතු කරන්න - මානව හිමිකම් කොමිසම

කෙසේ වුවත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ලිපියට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ මානව හිමිකම් කොමිෂන් සභාව පනතේ 20 (3) වගන්තිය යටතේ ප්‍ර‍ධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට ඉඩ ලබාදිය නොහැකි බවය.

ඒ බව මේ වන සඳහන් කරමින් මානව හිමිකම් කොමිසම ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යොමුකර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ යම් පුද්ගලයෙකු තමන් සන්තකයේ ඇති සාක්ෂි ලබාදීම පැහැර හරින්නේ නම් ඔහු මානව හිමිකම් කොමිෂන් සභාවේ අධීකාරීත්වයට හානි කරන පුද්ගලයෙකු ලෙස සලකා කටයුතු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවට හැකි බවත් එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

වැරැද්ද ඔප්පු වෙනවට බයේ මාරු වෙන්න හදන්නේ - රජිත් කීර්ති

මේ අතර මානව හිමිකම් කොමිසමේ මෙම විමර්ශනයේ පැමිණිලිකරු වන ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්ද මේ සම්බන්ධව අදහස් දක්වා ඇත. එහිදී ඔහු සඳහන් කර සිටින්නේ, ගුරුවරිය දණ ගැස්සවූ මහ ඇමතිවරයා තමන් විසින් වරදක් කර නැති නම් ඒ බව තහවුරු කිරීමට ඇති හොදම අවස්ථාව මග හැරීමට උත්සහ දරන්නේ මේ වන විට මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනවලදී සත්‍ය හෙළිදරව් වී ඇති නිසා බවය.

මේ සම්බන්ධව ඌව ප්‍රධාන අමාත්‍යවරයා යැවූ ලිපිය සහ ඊට ප්‍රතිචාර දක්වමින් මානව හිමිකම් කොමිසම යැවූ ලිපි පහත පළවේ.

uwa 720

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න