හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සදහා නිවසේ දී කාන්දුපෙරීම (Home Dialysis)හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.
2019 ජාතික අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු රෝගයේ බරපතලතාවය පිළිබද සදහන් කරමින් නිවසේ දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇත. ඒ අනුව එම යන්ත්‍ර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
නිවසේ දී මෙම ස්වයංක්‍රීය කාන්දුපෙරණ ක්‍රීයාවලිය වඩාත් ආරක්ෂාකාරීව සිදුකර ගත හැකිවීම, මෙම වැඩසටහන මගින් පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථාන සහ සේවා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක වන වෛද්‍ය කණ්ඩායම්වල සහාය ලබාගැනීම, රෝගියාට ප්‍රතිකාර කරන අතරවාරයේ දී ජීව විද්‍යාත්මක වෛද්‍ය උපකරණ මගින් සෘජුවම රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකිවීම, සෘජුවම දුරස්ථ පාලක ක්‍රමයක් මගින් යන්ත්‍රයට ප්‍රවේශ වී ප්‍රතිකාර නියම කිරීමේ හැකියාව, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන් ම රෝගියට යන්ත්‍රය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව වැනි ප්‍රධාන අංශ මෙම ව්‍යාපෘතියට ඇතුලත් වෙයි.
මෙම රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය රෝගියාගේ ජිවිත කාලය දිගු කරන වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමයක් ලෙස සායනික අධ්‍යයනයන් මගින් තහවුරු කර ඇත. මෙම ක්‍රියාවලිය මගින් රෝගියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. මෙම සේවාව එක් රෝගියෙකු සදහා එක් මසකට රුපියල් 103740.00 ක් වැය වෙයි. මෙම වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
