ඊයේ (05) දින මීගමුවේ දී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට අලාභහානි සිදු වී ඇති බව වාර්තා වී ඇති බවත් සිදුව ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වෙයි.
අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිකුත්කල නිවේදනයක මේ බව සදහන් වෙයි.
ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හානි පූර්ණය සඳහා වන කාර්යාලය මඟින් අලාභහානි තක්සේරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
