කටාන මාරිස්ටෙලා විදුහලට අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ බව කියන විදෙස් මාධ්‍යවේදියෙකු කටාන පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
වාර්තාවී ඇති ආකාරයට ඔහු Ahamad Danish (අහමඩ් ඩැනිෂ් ) නම් වන අතර රොයිටර් මාධ්‍ය ජාලය සමග සම්බන්ධව කටයුතු කරන ජායාරූප මාධ්‍යවේදියකුය.
එම විදුහලේ විදුහල්පතිවරයා කටාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර විදෙස් මාධ්‍යවේදියා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මෙම විදෙස් මාධ්‍යවේදියාව අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
