මෙතෙක් ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලම හෙරොයින් තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය හා පොලිස් විශේෂ බලකාය සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත්අඩංගුවට පත්ව තිබේ.
එම වැටලීමේ දී සැකකරුවන් දෙදෙනෙකු සමඟ වෑන් රථ දෙකක් ද අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක් අත්අඩංගුවට පත්ව ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 2945 ක් බව ද පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 32 හා 43 වයස්වල පසුවන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
ඊයේ(23) සවස කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය අසල ඇති රථ වාහන ගාල් කරනු ලබන ස්ථානයේ දී මෙම වැටලීම සිදු කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
