අතුරු සම්මත ගිණුම : වැඩි ජන්ද 96 කින් සම්මතයි !
2019 වසරේ මුල් කාර්තුව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම වැඩි ජන්ද 96 කින් අද (21) සම්මත විය.
ඒ යෝජනාවට පක්ෂව ජන්ද 102ක් සහ විපක්ෂව 6 ක් වශයෙනි.
අද පාර්ලිමේන්තුවේදී අතුරු සම්මත ගිණුම සම්මත කරගැනීමට නම් ඒ සඳහා ජන්ද විමසීමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය විය. ඒ අනුව ජන්ද විමසීමක් සිදුකල අතර එහිදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 102ක් අතුරු සම්මත ගිණුමට පක්ෂ විය. ඊට විරුද්ධව ජන්දය ප්‍රකාශකර සිටියේ ජනතා විමුක්ති පෙරමුණ පමණය.
මේ අවස්ථාවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටියේ නැත. කෙසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසා තිබුණේ අතුරු සම්මත ගිණුමට තම පාර්ශවයේ විරෝධයක් නොමැති බවය.