Language Switcher

V2025

“හුස්ම ගත්ත වසර තුනක්”  සමඟ රනිල් කරළියට

වත්මන් ආණ්ඩුවේ තෙවැනි සංවත්සරය වෙනුවෙන්  “හුස්ම ගත්ත වසර තුනක්” යන තේමාව යටතේ මෙම මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර ඇත.

මෙහිදී නිවාස හිමිකම නොමැති දුගී ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ වැඩසටහන යටතේ නුවරඑළිය, පූඩලූඔය, ඩන්සිනන් වතුයායේ දී 12 වැනි දින නිවාස 404 ක් සහ 17 වැනි දින මොණරාගල, දෙව්පුදගම ගම්මානයේ දී නිවාස 52 ක් ජනතා අයිතියට පැවරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබයි.

රුපියල් මිලියන 15,500 ක් වැය කරමින් කුරුණෑගල නගරයේ ඉදිකරන ලද ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති විවෘත කිරීම 13 වැනි දින පස්වරුවේ සිදු කරනු ලබන අතර 14 වන දින අනුරාධපුර මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශෛලමය ප්‍රාකාරය හා ශෛලමය පොකුණ විවෘත කිරීමත් සිදු කෙරේ.

ඉඩම් හිමිකම නොමැති ජනතාව වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ මෙම 16 වැනි දින රත්නපුර නගර සභා පිටියේ දී ඉඩම් ඔප්පු 2000 ක් ද, 18 වැනි දින දෙනියාය, පස්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ඉඩම් ඔප්පු 1000 ක් ද, 19 වැනි දින කෑගල්ල නිදහස් මාවතේ දී ඉඩම් ඔප්පු 2500 ක් ද, 21 වැනි දින බද්දේගම මහජන ක්රීඩාංගනයේ දී ඉඩම් ඔප්පු 4000 ක් ද ලබාදීමට නියමිතය. 

උපාධිධාරීන් 4130 දෙනෙකු රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය 20 වැනිදා අරලියගහ මන්දිරයේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 

Sunday 12th August :11 am : Indian Housing Scheme - PundaluOya3 pm   : International Youth Day - Nelum Pokuna

Monday 13th August :4 pm : Kurunegala Water Supply Project Opening

Tuesday 14th August : 2.30 pm : Mirisawatiya - Meeting the Chief Priests in Atamasthanaya4.00 pm : Anuradhapura - Inauguration of Maha Vihara Project 6.00 pm : Meeting Army Senior Ranks in Kilinochchi

Wednesday 15th August :8.00 am : Madhu Church

Thursday 16th August :3 pm :  Land Distribution in Ratnapura

Friday 17th August : 9.30 am : Opening of Kebilitta village housing scheme

Saturday 18th August : 10.00 am : Distribution of lands Pasgoda3.00 pm :   Handing over ' Sannas Pathra' to Ven. Didyawala Thero for thelevel of Most Ven. Anunyaka of Kalyani Samashri at Kotte Temple

Sunday 19th August :9.30 am : Kegalle Land distribution2.30 pm : Centenary celebration at Sri Wajirama Dhamma School Bambalapitiya

Monday 20th August : 2.30 pm : Appointments to Graduates at Temple Trees

Tuesday 21st August : 4.00 pm : Distribution of lands Baddegama