කටාර් රටෙහි රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.
මෙසේ තොරතුරු අවශ්‍යව ඇත්තේ කින්නියා 5, පාසල පාර, කච්චකොඩිත්තිව් ලිපිනයෙහි පදිංචිව සිටි ඒ.එම්.රෂිනා නැමැති අය සම්බන්ධයෙන් වන තොරතුරුය.
රෂිනා මෙනෙවිය 2003 වසරේ ජූලි මස 25 වන දින කටාර් බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ඇය සම්බන්ධයෙන් කිසිදු තොරතුරුක් නොමැත.
මෙම කාන්තාවන් පිළිබද තොරතුරක් දන්නා අයෙක් වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ III අංශයේ 0112864136 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
