Image

ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආරුගම්බේ 'සන්සෙට් වීව් පාර්ක්' ව්‍යාපෘතිය අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්‍ය සියලු ම තොරතුරු සහ සේවා එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන 'සන්සෙට් වීව් පාර්ක්' (Sunset View Park) තොරතුරු සහ සේවා මධ්‍යස්ථානයට මුල්ගල තැබීම, ඊයේ (02) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රධානත්වයෙන් ආරුගම්බේ පාලම අසල දී සිදු කළේ ය.

වසර ගණනාවක් තිස්සේ ප්‍රමුඛතාවයක් හිමි නොවී ප්‍රමාද වෙමින් පැවැති, ප්‍රදේශයට අත්‍යවශ්‍ය අංගයක් වූ මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍යාංශය මගින් අවශ්‍ය සියලු ම මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව නියමිත කාලය තුළ මෙම ව්‍යාපෘතිය අවසන් කර ප්‍රාදේශීය ජනතාවට සහ සංචාරකයින්ට අයිති කර දීමට අපේක්ෂා කෙරේ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ ගේ  මැදිහත්වීම සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස ගේ නායකත්වය සහ සම්බන්ධීකරණය යටතේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය, ආරුගම්බේ ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් බවට පත්කිරීමේ ආරම්භයක් ලෙස ද සැලකේ.

WhatsApp Image 2026 08 03 at 2.01.31 PM

WhatsApp Image 2026 08 03 at 2.01.30 PM

WhatsApp Image 2026 08 03 at 2.01.34 PM

WhatsApp Image 2026 08 03 at 2.01.31 PM 1

WhatsApp Image 2026 08 03 at 2.01.33 PM

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න