රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමට සැකපිට රක්ෂිත බන්ධනාගර ගතව සිටින හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම සහ හිටපු රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන දෙදෙනා විසින් සිදුකර තිබූ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම ලබන 26 දක්වා කල් තැබීමට අද(19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝග කර තිබේ.
එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එම නියෝගය තවමත් සූදානම්කර නොමැති නිසාය.
එබැවින් ලබන 26 දක්වා සැකකරුවන් දෙදෙනා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් සැකකරුවන්ගේ කටහඬ පරීක්ෂා කිරීමට ලබන 29 වැනිදා ඔවුන් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට අදාල නියෝගය ලබාදෙන ඉල්ලා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ ලබන 26 වැනිදා ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් එදිනට පසු මෙම නියෝගය ලබාදීම සම්බන්ධව කටයුතු කරන බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
