UDA හිටපු නීති අධ්‍යක්ෂවරියගේ ක්‍රියාවෙන් මිලියන 337ක පාඩුවක්! - විනය පරීක්ෂණ වාර්තාව හෙළි කරයි

UDA හිටපු නීති අධ්‍යක්ෂවරියගේ ක්‍රියාවෙන් මිලියන 337ක පාඩුවක්! - විනය පරීක්ෂණ වාර්තාව හෙළි කරයි

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) හිටපු අධ්‍යක්ෂ (නීති සේවා) වරියට එරෙහි විධිමත් විනය පරීක්ෂණ වාර්තාව මඟින්, ඇයගේ රාජකාරි පැහැර හැරීම් හේතුවෙන් අධිකාරියට අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදු වූ ආකාරය පිළිබඳ තීරණාත්මක වැරදි හයක් යටතේ ඇයව තනතුරෙන් ඉවත් කර තිබුණි.

එම විමර්ශන වාර්තාවේ අවදානයට ලක් නොවූ වෙනත් ප්‍රධානතම ගනුදෙනු කිහිපයක් වන්නේ, ක්‍රිෂ් ගොඩනැගිල්ල (KRISH) සහ ඊට යාබද ලේක් ලෙෂර් (Lake Leisure) ඉඩම සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගයත්, ෂැන් ප්‍රොපටිස් නැමති ආයතනයකට බදු දීමේ සිද්ධියත්ය.  මෙම සිදුවීම්, චූදිත නිලධාරිනිය UDA යට වැඩිම පාඩුවක් සිදු කළ ගනුදෙනුව ලෙස වාර්තා වේ.


ක්‍රිෂ්/ලේක් ලෙෂර්/ෂාන්ග් ප්‍රොපටීස්  ගනුදෙනුවේ මූල්‍ය අලාභය පිළිබඳ සටහන

මෙහිදී ලේක් ලෙෂර්  අක්‍රමිකතාව ලෙස වාර්තා වන්නේ,  මිලියන 557කට පොලිය හදා එය මිලියන 337කට අඩු කර ලිවීමයි. නැතහොත් නීති අධ්‍යක්ෂවරිය විසින් අදාළ ගිවිසුම් ලේඛනවලින් රුපියල් මිලියන 337 ක වටිනාකම අඩු කර ලිවීමට කටයුතු කිරීම හෝ ඊට ඉඩ සැලසීමයි.

මෙම සෘජු මූල්‍ය පාඩුව රුපියල් 337,000,000.00 ක් ලෙස නිල වශයෙන් වාර්තා වී තිබේ. (ලේක්ලෙෂර් නම් පුද්ගලික සමාගමක් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඩී.ආර් විජේවර්ධන මාවතේ ඉඩමක් සම්බන්ධව වරින් වර ගෙවා ඇති රුපියල් මිලියන 557 ක අත්තිකාරම් මුදල සඳහා 11% ක පොළියක් ගණනය කර බදු මුදලින් අඩුකිරීම)

ක්‍රිෂ් ගොඩනැගිල්ල සම්බන්ධ ගනුදෙනුව වී ඇත්තේ කඩා වැටීමට ලක්වෙමින් ඇති කොළඹ කොටුව ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ බදු කාලසීමාව කළමනාකරන මණ්ඩල අනුමතියකින් තොරව හිතු මතේ දීර්ඝ කිරීමයි.

ෂැන්ග් ප්‍රොපටීස් සම්බන්ධව නීති අධ්‍යක්ෂිකාව සිදු කර ඇත්තේ, කඩා වැටීමට ලක්වෙමින් ඇති කොළඹ කොටුව ඉදිකරමින් පවතින ක්‍රිෂ් ගොඩනැගිල්ලේ බදු කාලසීමාව කළමනාකරන මණ්ඩල අනුමතියකින් තොරව හිතු මතේ දීර්ඝ කිරීමය.

විනය පරීක්ෂණ නිගමනයට අනුව, නීති අධ්‍යක්ෂවරියගේ ක්‍රියාවන් හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ නීතිමය අයිතිවාසිකම් සහ ආර්ථික අභිලාෂයන් බරපතළ ලෙස කඩ වී ඇතැයි තීරණය වී ඇති අතර මෙම සිදුවීම් සම්බන්ධයෙන්ද අල්ලස් හෝ දූෂණ කොමිසමට වාර්තා කර දැනට වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇත.


චෝදනා 6ම ස්ථීර වීම සහ දේශපාලන ඇඟිලි ගැසීම්


රාජ්‍ය සේවයේ විනය රෙගුලාසි අනුව, රජයට මෙවැනි අතිවිශාල මූල්‍ය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකාරී වන නිලධාරිනියකට සේවයෙන් පහකිරීම (Dismissal) හෝ අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වැනි දැඩි දඬුවම් නියම කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම තීරණය UDA මණ්ඩලය වෙත යොමු කර ඇති අතර, විනය අධිකාරිය විසින් දේශපාලන බලපෑම්වලින් තොරව දැඩි තීරණයක් ගන්නේද යන්න රටේ අවධානයට ලක්ව තිබේ.

රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමේ වගකීම පැවති ඉහළම නිලධාරිනියකගේ ක්‍රියාවෙන් අධිකාරියට රුපියල් මිලියන 337ක් අහිමි වීම, ආයතනයේ නීතිමය වගවීමේ ක්‍රියාවලියේ බරපතළ අඩුපාඩු පෙන්නුම් කරන අතර, මෙමගින් රාජ්‍ය දේපළ රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින අනෙකුත් නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් ඇති නොවන පරිදි ක්‍රියා කිරීමේ දැඩි වගකීම අදාළ අමාත්‍යාංශය සතු වේ.


සේවයෙන් පහ කළ පමණින් යුක්තිය ඉටු නොවෙයි:
මිලියන 337ක අලාභයට අල්ලස් කොමිසමේ ප්‍රමාදය


චූදිත නිලධාරිනියට එරෙහිව එල්ල වූ චෝදනා 6ම ස්ථීර වීම සහ රාජ්‍ය දේපළවලට රුපියල් මිලියන 337ක අලාභයක් සිදුවීම තහවුරු වූ පසුබිමක, වාර්තා වන පරිදි ඇයව පසුගිය මාසයේදී සේවයෙන් ඉවත් කර තිබේ. කෙසේ වෙතත්, රාජ්‍ය සේවයේ විනය රෙගුලාසි යටතේ නිලධාරිනිය සේවයෙන් ඉවත් කිරීම පමණක්, මෙම බරපතළ මූල්‍ය අක්‍රමිකතාව හේතුවෙන් අධිකාරියට සිදුවූ පාඩුව සහ මහජන මුදල් අවභාවිත කිරීමේ වරද නිවැරදි වන්නේ නැත. මේ සා විශාල මූල්‍ය අලාභයක් සම්බන්ධයෙන් වන අදාළ ලිපි ගොනු කාලයක් තිස්සේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) මත පවතින අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන සිදු නොකෙරෙන්නේ මන්ද යන්න පිළිබඳව මාධ්‍ය පවා දිගින් දිගටම ප්‍රශ්න කර ඇත.

මෙම තත්ත්වය තුළ, පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ පැවති විගණන රැස්වීමකදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අධිෂ්ඨානශීලී ප්‍රකාශයක් සිදු කර තිබේ. ලේකම්වරයා පවසා ඇත්තේ, මෙම දූෂණ වංචා සම්බන්ධයෙන් වන ලිපිගොනු පිළිබඳව කඩිනමින් අල්ලස් කොමිසම හරහා අධිකරණයේ නඩු පැවරිය යුතු බවය. මෙම මිලියන 337ක අලාභය සම්බන්ධයෙන් අධිකරණය හරහා නීතිය ක්‍රියාත්මක කිරීම සහ අලාභය අයකර ගැනීම, වගවීමේ සංස්කෘතියක් ඇති කිරීමටත්, එවැනි ක්‍රියා යළි වැළැක්වීමටත් තීරණාත්මක වනු ඇත. දේශපාලන බලපෑම්වලින් තොරව අල්ලස් කොමිසම මෙම නඩු කටයුතු ඉදිරියට ගෙන යාම, රජයේ දූෂණ විරෝධී සටනේ සැබෑ ශක්තිය තහවුරු කරන ප්‍රධානතම පියවරක් වනු ඇත.


(අල්ලස් හෝ දූෂණ කොමිසමට යවා ඇති ලිපියේ පිටපතක් පහත දක්වා ඇත).


uda

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න