21 රැලිය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නෙවෙයි -නාමල් රාජපක්ෂ

21 රැලිය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නෙවෙයි -නාමල් රාජපක්ෂ

අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවත්, මෙම කාල පරිච්ඡේදය  අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා රැලියක්

''අද ශ්‍රී ලංකා පොලිසිය සම්පූර්ණයෙන් ම දේශපාලනීකරණය වෙලා, ජාතික ආරක්ෂාව බිඳවැටිලා. රජය විසින් පනවා තියෙන අධික බදු බර හේතුවෙන් මහජනතාව දුෂ්කරතාවන්ට මුහුණ දී සිටිනවා. ඒ නිසා තමන් අසාධාරණයට ලක්ව ඇති බව හැඟෙන සියලු දෙනාගෙන්ම නොවැම්බර් 21 වන දින නුගේගොඩදී පැවැත්වීමට නියමිත පක්ෂයේ රැලියට සහභාගී වන ලෙස ඉල්ලා සිටිනවා. මෙය කවුරුවත් රජ කරන්න කරන විරෝධතාවයක් නෙවෙයි; ජනතාව වෙනුවෙන් ආණ්ඩුවේ පොරොන්දු ඉටු කරවා ගන්නා විරෝධතා රැලියක්.'' 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න