වතු ප්‍රජාව ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් මේ ආකාරයට මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නෑ - සජිත් ප්‍රේමදාස

වතු ප්‍රජාව ගේ වැටුප් වැඩි කිරීම වෙනුවෙන් මේ ආකාරයට මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නෑ - සජිත් ප්‍රේමදාස

වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම සඳහා මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස පැවසී ය.

වතු ප්‍රජාව වෙනුවෙන් අයවැයෙන් වෙන් වූ මුදල සම්බන්ධයෙන් දුර්මතයක් නිර්මාණය වී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීමට අද පාර්ලිමේන්තුවේ දී උත්සාහ ගත් අවස්ථාවේ ඒ සඳහා ඉඩ නොලැබුණු බැවින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වන විපක්ෂ නායකවරයා...

මීට වඩා වැඩි ප්‍රතිපාදනයක් වෙන් විය යුතු යි

''රජය යෝජනා කර ඇති ආකාරයට වතු ප්‍රජාවගේ වත්මන් වැටුප වන රු. 1350ට රු. 400ක් එනම් රු. 200ක් වතු සමාගම්වලින් සහ රු. 200 රජයෙන් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඛේදනීය ජීවිතයක් ගෙන යන වතු ප්‍රජාවට මෙම රු. 400ක වැටුප් වැඩි කිරිම ගැන සතුටු වන නමුත් එම ප්‍රමාණය තවත් වැඩි විය යුතු යි. සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මීට වඩා වැඩි ප්‍රතිපාදනයක් වෙන් විය යුතු යි.

වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම විය යුතු ආකාරය ගැන විවිධ මතිමතාන්තර පවතිනවා. මේ නිසා වතු ප්‍රජාවට මුදල් ලැබේ නම් එය හොඳ හා සාධනීය දෙයක්. රජයකට මේ ආකාරයෙන් මුදල් වෙන් කළ හැකි යි. කොරෝනා කෝවිඩ් සමයේ එක්සත් රාජධානි රජය, කඩා වැටුණු, ගරා වැටුණු ව්‍යාපාරවල සේවය කරන අයගේ වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළා. මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නෑ. වතු ප්‍රජාව ශක්තිමත් කළ යුත්තේ මුදල් ප්‍රතිපාදනවලින් පමණක් නොවෙයි. ඔවුන්ට වතු ක්ෂේත්‍රයේ ඇති මුඩු ඉඩම් වගා කිරීමේ අයිතිය ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස නිර්මාණය කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියල රජයෙන් ඉල්ලා සිටිනවා.

අනික් අය කියන කතා අහන්න එපා

අද වන විට වතු ක්ෂේත්‍රයේ 60-70%ක ඉඩම් අයිතිය ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සතුව වුවත් ඔවුන් රාජ්‍ය තේ නිෂ්පාදනයට 30%ක් වැනි අඩු දායකත්වයක් තමයි ලබා දෙන්නේ. 30%ක් වැනි ඉඩම් හිමිකාරීත්වය ඇති කුඩා තේ වතු හිමියන් රටේ තේ නිෂ්පාදනයට 60-70%ක දායකත්වය ලබා දෙනවා. වගා නොකළ මුඩු ඉඩම් රාජ්‍ය හා සමාගම්වල ඇති නිසා මේවා රැකියා විරහිත තරුණයන්ට සහ වතු ප්‍රජාවට ලබා දීම තුළ ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබීම, තේ නිෂ්පාදනය වැඩි වී රටේ ආර්ථීකයට එය විශාල බලපෑමක් සිදු කරාවි.

එබැවින් රු. 1350ක තවත් රු. 400කින් වැඩි කිරිම ගැන විරුද්ධ වෙන්නෙ නැහැ. වඩාත් කැමති වන්නේ එම රු. 400 වතු සමාගම් විසින් ක්‍රියාත්මක කිරීම යි.

ඊට අමතරව වගා නොකළ මුඩු ඉඩම් මේ අයට ලබා දී වගා කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දෙන්න. ඒ තුළින් තමන්ගේ ම කියා නිවසක් ගොඩනගා ගත හැකි යි. සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ ස්ථාවරය මෙය යි. ජනාධිපතිවරණ හා මැතිවරණ දෙකක මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළා. මෙය වලංගු ප්‍රතිපත්තිය බැවින් අනික් අය කියන කතා නොඅසා මේ ගැන අවධානය යොමු කරන්න.''

වීඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න